(ජයන්ත සමරකෝන්)
කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි ජනතාවට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු 50,000ක් නොමිලේ බෙදා දීමට කොළඹ මහනගර සභාව මගින් පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට(27) නාගරික මන්ත්‍රීවරුන් 119 කට මෙම වියලි සළාක මලු 400 බැගින් ලබා දී ඔවුන් හරහා ජනතාවට ලබා දීමට නියමිතය.
නගරික කොට්ඨාස 41 යටතේ මෙම සළාක මලු බෙදා දීම සිදු කෙරේ .
එක් සලාක මල්ලක වටිනාකම රුපියල් 3000 ක් පමණ වන බව කොළඹ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පැවසීය.
කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.