
( තිළිණි ද සිල්වා )
‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායකවෙමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවක පිරිසක් විසින් රැස් කළ රුපියල් 111,800 ක මුදලක් හිටපු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාර දෙන ලදී.
එම අමාත්‍යාංශයේ රියදුරු මහතුන් විසින් රැස් කළ මෙම මුදල් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට සහය දැක්වීම සඳහා රැස් කළ අරමුදල් වන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
එම රියදුරු මහත්වරු විදේශ අමාත්‍යාංශයේ දී, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉදිරිපිට මෙම චෙක්පත හිටපු අමාත්‍ය ගුණවර්ධන මහතා වෙත ඉකුත් සතියේදී භාර දෙනු ලැබීය.
මීට පෙර ශ්‍රී ලංකා විදේශ සේවයේ නියුතු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විසින්ද මෙම අරමුදල සදහා මුදල් ආධාර සැපයීමක්ද මීට පෙර සිදු කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.