(එම්.කේ.නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ කොටියෙකු මැරීම , ගෝන මස් හා මුව මස් සන්තකයේ තබාගැනීම, බෙහෙත් කොටන තුවක්කුවක් ළඟතබා ගැනීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාවන්ට වරද පිළි ගත් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද (10දා) නියෝග කළාය.
මෙම දඩ මුදල් නියම වූයේ තිස්ස කතරගම මාර්ගයේ ජුල්පල්ලම පදිංචි ජේ.ඒ. සමන් ප්‍රියන්ත නැමති අයෙකුටය.
යාල වනජීවී නිලධාරීන් විසින් මෙම නඩුව පවරා තිබුණේ 2016 වසරේ ජුනි මස 04 වැනිදාය. මෙම පුද්ගලයා මෙම නඩුවේ දෙවන සැකකරු වන්නේය.මොහු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් පැන සැඟව සිටියදී වරෙන්තු මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නඩුවේ පළමු සැකකරු වන ජූල් පල්ලම ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. ආනන්ද නැමති අයටද 31 වැනි දින වරද පිළි ගැනීමෙන් පසු රුපියල් එක් ලක්ෂ පහලොස් දහසක දඩ මුදලක් ගෙවනලෙසට නියෝග කර තිබිණි.
යාල ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්ෂක නිලධාරීන් වන එන්.ජී. පේමදස , එස්.ජයවීර, වන සත්ව නියාමකවරුන් වන එච්.ඒ. සමිත්, ඊරෝස් ගීතාල්, සඳුන් විජය කුමාර හා අඩවි සහකාර චරිත්දීන් යන නිලධාරීන් පිරිසක් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි.
උද්‍යානයේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරී රංජිත් සිසිර කුමාර මහතා මෙම නඩුව මෙහෙයවීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොටියකු මැරූ අයෙක්ට ලක්ෂයක දඩයක්