(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින දැඩි නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොට්ටුකච්චිය කෙමන්වැටිය පැරකුම් ගොවි සංවිධානය යටතේ මෙවර වගා කළ කුඹුරු අක්කර 1000ට ආසන්න ප්‍රමාණයක් ජල හිඟයකට මුහුණ පා ඇති බව ගොවීහු පවසති.
මෙවර යල කන්නයේ කොට්ටුකච්චිය කෙමන්වැටිය පැරකුම් ගොවි සංවිධානය යටතේ කුඹුරු වගා කල ගොවින් 500 කට ආසන්න පිරිසකට අයත් නායක්කල්ඹ, එඹයාය, කිලවන්එළිය යන ප්‍රදේශවලට අයත් කුඹුරු අක්කර දහසක් මෙම අවදානමකට මුහුණ දී තිබේ.
ඉගිනිමිටිය ජලාශය මගින් කුඹුරු අස්වැද්දීමට නිකුත් කරන ජලය ගල්කිස්ස ඇළ හරහා පුලියන්කුලම වැවට ගලාවිත් කෙමන් වැටිය කුඹුරුවලට පසුගිය කාලය පුරා ලැබූ නමුත් මෙවර වියළි කාලගුණික තත්වය යටතේ පහළට ජලය ගලා නොඑන බව ගොවීහු පවසති.
මේ පිළබඳව අදහස් දක්වමින් සිටි කෙමන්වැටිය ගොවි සංවිධානයේ එඹයාය ජල පාලක ඒ.එම්. ගුණරත්න බණ්ඩා මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“ යල කන්නනයේ අක්කර 800 කට වැඩි කුඹුරු ප්‍රමාණයක් ගොවින් වගා කරලා තිබෙනවා. දැන් අපි ජලය ගන්න කුඩා වැව් සහ අනිත් ස්ථානවල ජලය මෝටර් යොදාගෙන කුඹුරුවලට පොම්ප කරමිනුයි දැනටවත් කුඹුරු ටික බේරගෙන තිබේන්නේ” යැයි ඔහු පැවසීය.
ඉගිනිමිටිය නේවාසික වාරි මාර්ග ඉංජිනේරු චමින්ද පුෂ්පකුමාර මහතා මෙසේ අදහස් දැක්වීය.
“ අපි මෙවර ජලාශයේ අක්කර අඩි 24000 ක ප්‍රමාණයක් තියාගෙනයි අපේ ව්‍යාපාරයේ අක්කර 4000 ක් වගා කිරීම ආරම්භ කර තිබෙන්නේ. එහිදී ජල මුර නිකුත් කිරීම සීමා කරමින් ජලය ආරක්ෂා කර ගනිමින් තමා වගා කටයුතු කිරීම සිදුවුයේ. හැබැයි ඔය කියන කුඹුරු යාය ගැන මම දැනගෙන හිටියේ නැහැ. මොකද අපේ කුඹුරුවලින් ඒ කියන්නේ ඌරියාවේ කුඹුරුවලින් පහළට බසින ජලයෙන් තමයි මේ කුඹුරු කර ඇත්තේ. ඒ නිසා ඉදිරියේදි මම මේ ගැන සොයා බලනවා” යැයි කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොට්ටුකච්චියේ කුඹුරු අක්කර 1000 කට ජල හිඟයක්