(රේඛා තරංගනී ෆොන්සේකා)
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ත්‍රීරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන සැකකරුවෙකු ගල්කිස්ස ඕඩියන් සිනමාහල අසලදී අද (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වාහන සෝදිසි යෙදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු 29 ක් වන මෙම සැකකරු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට මෙම කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවත් ඔහු කාලෙක සිට මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කේරළ ගංජා කිලෝ 2 ක් සමඟ අයෙක් අත්ඩංගුවට