උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (28) මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 වන වියෙහි පසුවන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත බාර දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැණිනි.
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd