( ඩී.කේ.රත්න)
කෙසෙල් වගා කරන මුවාවෙන් තණමල්විල බලහරුව ප්‍රදේශයේ අක්කර කාලක ඉඩමක ගංජා වගා කළ පුද්ගලයෙකු අද (21) ගංජා ගස් 2079 ක් සමග මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල ඌව කුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු මෙම ගංජා ගස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කෙසෙල් වගා කරන මුවාවෙන් ගංජා වගා වගා කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තණමල්විල පොලීසියට බාරදී තිබේ.
තණමල්විල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල් වගාවක ගංජාත් වවලා