(චමිල් රූපසිංහ)
වෙලම්බඩ කූරදෙණිය වැව සෝදිසි කිරීමේ විශේෂ මෙහයුමකදී ටී - 56 උණ්ඩ රැසක් හා කඩුවක් සොයා ගත් බව පොලිසිය පවසයි.
වෙලම්බඩ පොලිසිය හා ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා රංගල ශ්‍රී ලංකා නාවික නෞකා කිමිඳුම් අංශයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
කූරදෙණිය වැව තුළ පොලිතින් උරයක දමා ගැට ගසා තිබූ ටී 56 ජීව උණ්ඩ 50 ක් ද පුහුණු උණ්ඩ 8 ක් ද හිස් උණ්ඩ කොපු 2 ක් ද සොයා ගැනීමට හැකිවු අතර මඩ යට ගසා තිබු කඩුවක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.
බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd