(පාලිත ආරියවංශ)
බදුල්ල කයිලගොඩ නිවසකට ඇතුළු වූ පුද්ගලයකු එහි කාන්තාවකට අද(28) පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අංගප්පන් ගෞරි නැමති 46 හැවිරිදි දෙදරු මවකි. සැමියා සහ පුතු සමග ඇය මෙම නිවසේ ජීවත් වුවත් සිද්ධිය වූ අවස්ථාවේ සැමියා සිය ව්‍යාපාරික ස්ථානයටද පුත්‍රයා ඡාත්‍යන්තර පාසැලද ගොස් තිබු බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මුහුණ ආවරණය කරගත් තරුණයෙකු මෙම අපරාධය කර පලා යන අයුරු අසල්වැසි කාන්තාවක දැක ඇතැයි පොලිසිය කියයි.
බරපතල කැපුම් තුවාල කාන්තාව බදුල්ල මහරෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාන්තාවක කපා කොටා ඝාතනය කරලා