(සුනිමල්  හේවගේ) 
 

හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම්හලකින් බැංකු ණයපත්(ක්‍රෙඩිට්කාඩ්) දෙකක් සොරකම් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචනික ලෙස ලබාගත් තරුණයකු හා එයට අනුබල දුන් පිරවුම්හලේ සේවකයන් දෙදෙනෙකු අද (11)අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 
 
මොවුන් සොරාගත් බැංකු ණයපත් යොදාගනිමින් එක්ලක්ෂ දෙදහස් හත්සිය විසිපහක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ දොරදෙක පදිංචි  තරුණයන් තිදෙනෙකි.
 
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.