( ප්‍රියානි මංගලිකා)
කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ කසල ට්‍රැක්ටරය සහ සබා සේවකයෙකු ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් කොබෙයිගනේ නගරයේදී සිදුවූ අනතුරින් පැදිකරු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ,කොබෙයිගනේ පහළ කිතගම පදිංචි ටී.බී ඒකනායක (55)නැමති සිවුදරු පියෙකු වූ සභා සේවකයෙකි.
ඔහු තම දියණිය රැකියාවට ඇරලවීම සඳහා නුගවැල හංදියට යමින් සිටියදී ,කොබෙයිගනේ නගරයේ කසල එකතු කිරීමේ යෙදී සිටි ට්‍රැක්ටරයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබු පියා සහ දියණිය කොබෙයිගනේ රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ,වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යැවීමෙන් පසුව ඔහු මරණයට පත්ව ඇත.
මේවන විට සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ,කොබෙයිගනේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.