(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන ප්‍රදේශයෙන් කොරොනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (10) වනදා ආරම්භ වීමට තිබු කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 09ක් තාවකාලිකව නැවත දැනුම් දෙන තුරු වසාදැමිමට පියවර ගෙන අතර එයින් පාසල් 6ක් අද (15) ආරම්භ කෙරුණු බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය.
කලවාන ජාතික පාසල,කලවාන ප්‍රාථමික විද්‍යාලය ,කොස්වත්ත ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය,කොස්වත්ත ගාමිණී ප්‍රාථමික විද්‍යාලය ,කලවාන රාජකීය විද්‍යාලය ,මීපාගම ජයන්ති විද්‍යාලය අද (15) ආරම්භ කල බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය . සෞඛ්‍ය උපදෙස් මත මෙම පාසල් ක්‍රියාත්මක වන අතර සිසුන් පාසල වෙත කොටස් වශයෙන් ගෙන්වීමට කටයුතු කර ඇති බවත් කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය.
නාවලකන්ද විද්‍යාලය ,කොඩිප්පිලිකන්ද විද්‍යාලය හා පිටිගල කන්ද විද්‍යාලය තවම ආරම්භ කිරීමට උපදෙස් ලැබී නොමැති බවත් ඉදිරියේදී එම පාසල් සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කිරීමට නියමිත බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd