(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ රජමහා විහාරස්ථානයට අයත් බෝගන්දෙන විහාරස්ථ භූමියේ නිධන් හෑරූ බවට සැකපිට තවත් පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය කියයි.
මීට මාස දෙකකට පමණ පෙර බෝගන්දන විහාරස්ථ භූමියේ නිධන් හෑරීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා ද මෙම ස්ථානයේ නිධන් හෑරීමට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
බෝගන්දන විහාරස්ථ භූමිය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් බවට පුරා විද්‍යා දෙපාදෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තාවේ ද සඳහන් වන බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඓතිහාසික සොරගුණේ විහාරයට අයත් භූමියක නිධන් හාරති