( ක.ග.කරුණාරත්න)

බලපත‍්‍ර නීති උල්ලංඝණය කරමින් එළ ගවයින් 8 දෙනෙකු නීතිවිරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (13) හබරණ ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ යකාවංගුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලූත්ඔය පොලීසිය කියයි.

සැකකරුවන් ත‍්‍රිකුණාමලය සහ මාවනැල්ල යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එම එළගවයින් ත‍්‍රිකුණාමලය සිට මානැල්ලට මස් පිණිස රැගෙන යන බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.