IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එප්පාවල පහළ හල්මිල්ලෑව වැව පිළිසකර කිරීමට පියවර

(ක.ග. කරුණාරත්න)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඇතිවූ අධික වර්ෂාව නිසා වැව් බැම්ම කැඩීගිය එප්පාවල පහළ හල්මිල්ලෑව වැව රුපියල් ලක්‍ෂ 380ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි.

මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් මහතා අද (29) මහවැලි එච් කලාපයේ කේෂ්ත්‍ර චාරිකාවක නිරත වෙමින් එහි පිළිසකර කටයුතු ආරම්භ කළේය.

එප්පාවල පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ වගාකර තිබූ සෝයා බෝංචි වගාවක අස්වනු නෙලීමේ කටයුත්තකටද ගොවි ගෙවිලියන් සමඟ ඇමතිවරු සහභාගි වූහ.

එම අවස්ථාවට ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ ආයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති ශෙෂාන් සේමසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය ආමාත්‍යාංශයේ ලේකම් ඩබ්.බී. පලුගස්වැව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉන්ජිනේරු සුනිල් පෙරේරා, මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු උභය කල්‍යාණ කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.



අදහස් (0)

එප්පාවල පහළ හල්මිල්ලෑව වැව පිළිසකර කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site