IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරු පළාතේ මාර්ග ආරක්ෂණ සතියක්

(එෆ්.අස්ලම්)

උතුරු පළාතේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා  ඔක්තෝබර් 7 දා සිට 13 වැනිදා තෙක්  විශේෂ මාර්ග ආරක්ෂණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

උතුරු පළාතේ වැඩිවන මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාර්ග ආරක්ෂණ සතියක්  ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන්   ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී  පළාත පුරා විවිධ මට්ටම්වලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පාසල්වල සිසු රථවාහන අංශ ඇති කිරීම, විනයගරුක රියදුරන්ට ගෞරව කිරීම, අනතුරු අවම ප්‍රදේශ සහිත පොලිස් ස්ථාන තෝරා ගැනීම සහ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් ආකෘති නිරන්තරයෙන් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපති, පළාත් මාර්ග සංවර්ධන දේපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (0)

උතුරු පළාතේ මාර්ග ආරක්ෂණ සතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site