IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


උතුරුමැද පවුල් 3368කට පානීය ජල ගැටලු

(ඩබ්. ඒ. පියතිලක)
 
වියළි කාලගුණ තත්වය හමුවේ වැලිකන්ද, දිඹුලාගල සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල්  3368 ක, පුද්ගලයින් 10601ක්,   පාසල් 5ක දරුවන් 1088ක් පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බව පොළොන්නරුව සහකාර ආපදා කළමණාකර අධ්‍යක්ෂක උපුල් නානායක්කාර මහතා පවසයි.
 
උතුරුමැද පළාතට පවතින වියළි කාලගුණ තත්තවය හේතුවෙන් මේවනවිට බවුසර් මගින් ජලය බෙදා දීමේ කටයුතු ක්‍රියාත්මක වන බවද ඒ මහතා කියයි.
 
ඒ මහතා මෙසේද පැවසීය.
 
“වැලිකන්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාමසේවක වසම් 8ක පවුල් 2374ක්, පුද්ගලයින් 7791කු සහ පාසල්  04ක සිසුන් 928 දෙනෙකු පානීය ජල හිඟයට පත් වෙලා. අපි  දිනකට බවුසර් දෙකක් යොදා ගෙන  ඒ ජනතාව වෙනුවෙන්  පානීය ජල ලීටර් 16,000ක් බෙදා හරිනවා. 
 
දිඹුලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  පවුල් 919ක් ද පුද්ගලයින් 2510 දෙනෙකු සහ පාසලක ළමුන් 160 දෙනෙකු  ආපදාවට ලක්ව තියෙනවා. ඒ අය සඳහාත් බවුසර් තුනක් යොදාගෙන දිනකට පානීය ජල ලීටර් 46,000ක් බෙදා දෙනවා. 
 
ලංකාපුර එක් ග්‍රාමසේවක කොටසක පවුල් 75ක පුද්ගලයින් 300කටත් ජලය ලබා දෙනවා. 
 
මෙම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුළ පානීය ජල ටැංකි 23ක් ස්ථානගත කර හිඟයකින් තොරව පානීය ජලය ලබා දෙනවා.  දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා පානීය ජලය ලබා දීමට ආපදා කළමණාකරණ  ඒකකය විසින් රුපියල්  584,974ක්  ලබා දී තිබෙනවා.”
 
දිස්ත්‍රික්කය තුළ පානීය ජල හිඟයක් ඇත්නම් වහාම ග්‍රාම නිලධාරියා වෙත දැනුම් දෙන ලෙස පොළොන්නරුව සහකාර ආපදා කළමණාකර අධ්‍යක්ෂක උපුල් නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (1)

උතුරුමැද පවුල් 3368කට පානීය ජල ගැටලු

sunil perera Monday, 10 June 2019 11:04 AM

මහමාර්ග රට පුරා පිහිටුවා ඇති ලෙසටම නලජල පද්ධතියකින් දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන ලෙසට නිර්මාණයකර දිගුකාලින සැලැස්මකට අනුවක්‍රියාත්මක කලයුතුයි . සුර්ය බලය යොදමින්පොම්පාගාර පිහිටුවමින් අධිවේගී මාර්ග තනනවිටම ඒ හා සම්බන්ධ වැඩකටයුතු සිදුවන්නේනම් වැයපස අවමවෙයි. මැ ද කදුකර රටක් නිසා සතර අතට ජලවහනය පහසුවෙයි එසේ නොමැතිව මේ කරන දේ අනාගත ජනගහන ඝණත්වයට කිසි සෙත් ඔරොත්තු නොදේ. උතුරු ඇල මාර්ග කඩිනම් කරමින් ඒ හා සම්බන්ධ ජාල සැපයුම් ප්‍රයෝජනයට ගැනීමද තවත් හැකියාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1019 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site