(අනීෂා මානගේ)
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂා වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව සෑහීමකට පත්විය හැකිනම් පමණක් මෙම ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුවට බාර ගැනීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයේදී පැවසුවේය.
මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ග ව්‍යාපෘතියට අයත් බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයේ සහ නිලධාරීන්ගේ සහ මගීන්ට ඇති අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු සොයා බැලුවේය.
දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ අඩුපාඩු සොයාබලා ඒවා නිවැරදි කිරීමටත් මගී ජනතාවට හොඳ දුම්රිය සේවාවක් ලබා දීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය. බෙලිඅත්තේ සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළුවලටද ඉදිරි කාලයේදී විසඳුම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් කරනවට වඩා රේල් පාරේ ඉතුරු ටික හදන්න බැලුව නම් නේද හොඳ?