(ප්‍රියාණි මංගලිකා)
කොටවෙහෙර, පාසැලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 23 දෙනෙකු හා මවුපියන් කොරෝනා ආසාදිත මවක සමග පන්සලක කිරි උතුරවා බාරයක් ඔප්පු කිරීමකට යාම හේතුවෙන්, එම පිරිස නිරෝධායනයට ලක් කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(20) පැවසීය.
එම පිරිස ඇතුලුව සමීප ආශ්‍රිතයන් ලෙස පවුල් 26 ක පුද්ගලයන් 47දෙනෙකුද නිරෝධායනය කර තිබේ.
මෙම ආසාධිත මවගේ සැමියා වූ බස් කොන්දොස්තරවරයාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව, එම පවුලේ අය ඇතුලුව 40ක් නිරෝධායනයට ලක්කර පී.සී.ආර්.පරීක්ෂණ කර තිබිණි. එහිදී මෙම මව ආසාදිතයකු බව වෛද්‍ය වාර්ථාවලින් තහවුරු වී තිබිණි.
නිරෝධායනයට ලක් වූ පාසැල් දරුවන් 10දෙනෙකු සහභාගී වූ අමතර පංතියකටද මෙම ආසාදිත මව සහභාගී වීම හේතුවෙන් එම අමතර පංති ගුවරයා ද නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මේවන විට කොටවෙහෙර ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 8දෙනෙකු වාර්තා වන බවද, සමීප ආශ්‍රිතයන් ලෙස පුද්ගලයන් 87දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද තවදුරටත් සමීප ආශ්‍රිතයන් සොයා අද (20) පරීක්ෂණ කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන සියලුදෙනා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව වඩාත් අවධියෙන් සිටින සිටින ලෙසද, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.
2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1289
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආසාදිතයකු සමඟ බාරයක් ඔප්පු කරන්න ගිය සිසුන් 23ක් නිරෝධායනයට