IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අරලගංවිල ගොවීහු විරෝධතාවයක

(නිමල් ජයරත්න)

වසර ගණනාවක සිට කුඹුරු ඉඩම් තේරිම් හිමි තමන්ට ඉඩම් ලබා නොදීමට එරෙහිව අරලගංවිල ගොවීහු පිරිසක් විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී  අද (18) විරෝධතාවයක නිරතවූහ.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නම භාවිතා කරමින් මෛත‍්‍රී නමින් ගොවි සංවිධානයක් පිහිටුවා ගත් ප‍්‍රදේශයේ දේශපාලන ආධාරකරුවෙකු 503 කලාපයේ කුඹුරු ඉඩම් බලෙන් අල්ලා වගා කරන බවත් ඇතැම් කුඹුරු අක්කර ගණනාවක් එම දේශපාලන ආධාරකරුවන් විසින් පිටස්තරයින්ට විකිණීම හේතුවෙන් තමන්ට වාරි ඉඩමක් ලබා ගැනිමේ අයිතිය අහිමි වී ඇතැයි ද විරෝධතාවයේ නියැලෙන ගොවීහු පෙන්වාදෙති.

අරලගංවිල මැදගම ප‍්‍රදේශයේ ගොවි සංවිධාන සභාපතිවරයකු වන චාමර ඉදුනිල් යන අය මෛත‍්‍රී නමින් ගොවි සංවිධානයක් පිහිටුවා ව්‍යාජ නම් ඇතුළත් කර කුඹුරු කරමින් පොහොර සහනාධාර පවා ඒවාට ලබාගෙන තිබෙන බවද ඔවුහු පවසති.

1989 වර්ෂයේ සිට 2014 වර්ෂය අතර කාලයේ තමන්ට වාරි ඉඩම් තේරිම් තිබුනද හිටපු මහවැලි නිලධාරින් මෛත‍්‍රි ගොවි සංවිධානයේ සභාපතිවරයාට සහය දක්වමින් තමන්ට එම කුඹුරු ඉඩම් ලබා නොදෙන බවද විරෝධතාකරුවෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් මෛත‍්‍රී ගොවි සංවිධානයේ සභාපති චාමර ඉදුනිල් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසුමකදී පැවසුවේ විරෝධතාකරුවන් වාරි ඉඩම් ලබාගෙන විකුණා ඇති බවත් තම ගොවි සංවිධානය ලියාපදිංචි ගොවි සංවිධානයක් බවත් ඒ අනුව සංවිධානයේ ගොවින් 503 කලාපයේ කුඹුරු වගා කරමින් සහ පොහොර සහනාධාරය ලබා ගැනීමට හිමිකම් තිබෙන බවත් විරෝධතාකරුවන් නඟන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බවයි.

 



අදහස් (0)

අරලගංවිල ගොවීහු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site