(හැටන් ඉන්දික රොෂාන්)
ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා නගර වල බිත්ති සහ තාප්පවල තරුණ තරුණයින් පිරිසක් එක් වී මේ දිනවල විවිධ චිත්‍ර නිර්මාණ අඳිමින් සිටියි.
හැටන් ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී හැටන් දික්ඔය නගර සභාවේ අවසර ඇතිව එම තරුණ තරුණයින් පිරිස එක්වී හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ආරක්ෂිත පැති බැමි තාප්පයක මේ දිනවල තම චිත්‍ර නිර්මාණ කරමින් සිටියි.
හැටන් ප්‍රදේශයේ තරුණයන් විසින් අඳින චිත්‍ර නැරඹීමට සහ එම තරුණයන් දිරි ගැන්වීම සඳහා ප්‍රජාබල සවිගැන්වීමේ සහ වතුයටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අද (07) එම ස්ථානයට පැමිණියේය.
එම තරුණයින්ට චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා දෙන ලෙස අමාත්‍යවරයා විසින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාට උපදෙස් ලබා දෙනු ලැබීය.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා අමාත්‍යවරයා හමුවේ කියා සිටියේ හැටන් නගරයේ ස්ථාන කිහිපයකම මෙවැනි චිත්‍ර නිර්මාණය කිරීම සඳහා පාසල් ළමුන්, රාජ්‍ය ආයතන වල නිලධාරින් මෙන්ම තවත් විශාල පිරිසක් නගර සභාවෙන් අවසර ඉල්ලා ඇති බවයි. ඔවුන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන චිත්‍ර කීපයක් දැනටමත් නගර සභාවට ඉදිරිපත් කර ඇති බව සභාපතිවරයා තොන්ඩමන් අමාත්‍යවරයා හමුවේ කියා සිටියේය.
මෙවැනි චිත්‍ර අදින වතු ආශ්‍රිත තරුණ තරුණයින්හට තම අමාත්‍යංශය මගින්ද පූර්ණ සහයෝගය ලබා දෙන බව අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මෙහිදී පැවසීය.



2025 දෙසැම්බර් මස 18
4
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාත්‍ය තොන්ඩමන් හැටන් බිතු සිතුවම් නැරඹීමට යයි