(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව - කල්මුනේ ප්‍රධාන මාර්ගයේ කාත්තන්කුඩි පොලිස් වසමේ නාව්ර්කුඩාහිදී අද (10) උදෑසන සිදුවූ අනතුරකින් මහලු කාන්තාවක මිය ගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි සත්දරු මවක වන සින්ගරාසා පරමේෂ්වරී නමැත්තියකි.
මඩකලපුවේ සිට කල්මුනේ දෙසට අධිවේගයෙන් පැමිණි වෑන් රථයක් මාර්ගයේ ගමන්කරමින් සිටි මෙම කාන්තාවගේ ගැටී ඉතා වේගයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.
මළසිරුර මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත. කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd