IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අකුණු සැර වැදී පිය-පුතු දෙදෙනෙක් මරුට

(ජේ.කේ.එල්.චාමින්ද, ඩී. ජේ. විජේසිංහ සහ සුමතිපාල දියගහගේ)
 
අකුණුසැර වැදීමෙන් පිය පුතු දෙපලක් අද (22) මියගොස් ඇති බව පිටිගල පොලිසිය  පවසයි.
 
මියගොස් ඇත්තේ  මත්තක ගමගේ සුගතදාස(60) හා මත්තක ගමගේ කැළුම් (29 නැමති පිය පුතු දෙපලකි. 
 
මොවුන් දෙදෙනා වැයිහේන අංකොටුවල ප්‍රදේශයේ තේ ඉඩමක වල් නෙළමින් සිට තිබේ. වර්ෂාව  නිසා  වල් නෙළීම නවතා පැළට වී තේ පානය කරමින් සිටියදී අකුණුසැර වැදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
අසළ තිබූ මාර ගසට අකුණ වැදී මොවුන්ට අකුණු සැර වැදී ඇත.
 
ඇල්පිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් පිය පුතු දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පිටිගල පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

අකුණු සැර වැදී පිය-පුතු දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site