(මොහොමඩ් ආසික්)
මහනුවර අංකුඹුර පොලීසියට අනුයුක්ත නිලධාරින් 7දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමඟ අංකුඹුර පොලීසිය වසා තැබීමට පියවර ගත් බව එහි උසස් පොලිස් නිලධාරයෙක් පැවසීය.
නිලධාරීන් 15 දෙනෙකුට කළ අහඹු පී සී ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම නිලධාරින් ආසාදිතයන් බව හඳුනාගැනිණි. ඒ අනුව, පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු අනෙකුත් සියලු නිලධාරින් ස්වයං නිරෝධායනයට ලක් කර පීසීආර් පරීක්ෂණ පැවැතවීමට පියවර ගෙන තිබේ.
පොලීසියේ ආරක්ෂාව සඳහා වෙනත් පොලීසිවලින් නිලධාරින් අනුයුක්ත කර ඇති නමුත් මහජනතාවගේ කිසිදු රාජකාරියක් පොලීසිය මගින් සිදු නොකරන බවත් , අලවතුගොඩ සහ පූජාපිටිය යන පොලිස් ස්ථානවලින් එම කටයුතු සිදුකරන බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd