(ඉන්දික අරුණ කුමාර)
සේනා දළඹු විශේෂය නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද ආක්‍රමණය කර ඇතැයි ගොවිහු කියති.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගාකර ඇති ස්වයංජාත වී විශේෂයට මෙම දළඹුවාගේ වැඩි බලපෑම් එල්ල වී ඇති තිබේ.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැත්තෑව, නිකුල හා බිබිල ග්‍රාම නිලධාරි වසම් වලට ද සේනා දළඹු විශේෂය පැතිර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් කියා සිටියාය.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැතිර යන සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් ගොවින් රැසක් කියා සිටියේ කරවිල, දඹල, බෝංචි මෙන්ම පිපිඤ්ඤා වැනි වගාවන්ට ද හානි සිදුවෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් සේනා දළඹු විශේෂය මර්දනය සම්බන්ධයෙන් විවිධ ක්‍රමෝපායන් හදුන්වා දෙමින් ගොවින් දැන්වත් කිරිමේ කටයුතු ගොවිජන සේවා නිලධාරි මාර්ගයෙන් මේ වන විට ආරම්භ කර ඇති බව ද අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සේනා’ නාඋලටත් පනී