IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජාතික ආර්ථික සභාවේන් නව ආර්ථික සැලැස්මක්

(නිමල කොඩිතුවක්කු)

ආර්ථික , සමාජීය සහ පරිසර ආදී සියලුම අංශ ඇතුළත් වන පරිදි  ජාතික ආර්ථික සැලැස්මක් මේ වසරේදී එළිදක්වන බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවැසීය.

සෑම අංශයක් සඳහාම ජාතික ප‍්‍රතිපත්ති සකස් කර එම ප‍්‍රතිපත්ති මත සිට තීන්දු තීරණ ගන්නා පරිදි එම වැඩපිළිවළ සකස් කරන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත්  අදහස් දැකවූ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මෙසේද කීය.

 

   ‘‘ජාතික ආර්ථික සභාව මේ වනවිට 26 වරක් රැස්වී තිබෙනවා. ජාතික ප‍්‍රතිපත්ති සැකසීම එහි මූලික අරමුණයි. ඒ වෙනුවෙන් ජාතික බුද්ධි පර්යේෂන ඒකකයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා.

ජාතික ආර්ථික සභාව මගින් දැනට සිදුකරන වාර්තා එක තැනකට අරගෙන මේ වසරේදී ජාතික ආර්ථික සැලැස්මක් එළිදැක්වීමට  නියමිතයි.

අපේ රටට ජාතික ප‍්‍රතිපත්ති කිසිවක් නැහැ. ආර්ථික, සමාජීය, පරිසර ආදි සියලුම අංශ ආවරණය වන පරිදි ජාතික ප‍්‍රතිපත්ති සැකසීම මින් සිදුකෙරෙනවා. ඒ සඳහා සිවිල් සංවිධානවල සහ විද්වතුන්ගේ අදහස්  ලබා ගැනීමටත් කටයුතු කරනවා.

මේ සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක්  ස්ථාපිත කිරීමටත් කටයුතු කරනවා.  දැනට  ජනාතාවගේ  දැවෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒ පිළිබඳ  අවධානය යොමු කරන්නත් මේ මගින් අපේක්ෂා කරනවා.

ජාතික ආර්ථික සභාව කියන්නේ දේශපාලන  සභාවක් නෙමෙයි. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය නාගරික, අර්ධ නාගරික සංවර්ධන කාර්යන් පිළිබඳ ප‍්‍රතිපත්ති සකස් කිරීමත් ඉන් සිදුවෙනවා.

අයවැය සම්බන්ධයෙන් වන  රජයේ ආදායම්, වියදම් වගේම  වැටුප්, විශ‍්‍රාම වැටුප් සම්බන්ධයෙනුත් ප‍්‍රතිපත්ති සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා.

2050 වසර වනතෙක් අපේ රටේ සම්පත් කළමානාකරණය  කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. මේක අවුරුදු 30ක සැළසුමක්.  මේ  සඳහා අමාත්‍යාංශ 27ක් එකතු වෙනවා.

අපේ රටේ  සමතුලිත සංවර්ධනයක් නැහැ.  බස්නාහිර පළාතේ විශාල ආර්ථික සංවර්ධනයක්  සිදුවූවත් අනෙක් ප‍්‍රදේශවල එතරම් සංවර්ධනයක් සිදුවන්නේ නැහැ. ඒ ආර්ථික සමතුලිතතාවය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කරනවා.

එහිදී  කුඩා නගරවල කසළ කළමනාකරණය, අනවශ්‍ය ඉදිකිරීම්, රථවාහන ගැටලු හා රැකියා අවස්ථා ආදී සියලුම දේ පිලිබඳ අවදානය යොමු කෙරෙනවා. කොළඹ නගරයට අමතරව අනුරාධපුර සහ නුවර ප‍්‍රධාන නගර ලෙස හඳුනාගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඒ මගින් නාගරික ප‍්‍රදේශ 100ක පමණ ප‍්‍රමාණයක් ඇති කරනවා.

රුපියල් බිලියන  160ක පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය තියෙනවා. මේ ගැන ජාතික ආර්ථික සභාව විශාල අවධානයක් යොමුවී  තිබෙනවා. ණය  කපා හැරීමෙන්  පමණක් මේ ප‍්‍රශ්ණයට විසඳුමක් දෙන්න බැහැ. ණය කපා හරින බවට  ප‍්‍රකාශ කළ නිසා ණය ගෙවන පිරිස් පවා නොගෙවා සිටින තත්වයට පත්ව සිටිනවා.

 

මේ සඳහා ස්වේච්ඡාවෙන්ම ලියාපදිංචි වෙන්න කියලා  දැනුවත් කළත් 46ක් පමණයි  ලියාපදිංචි වෙලා තියෙන්නේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 10000ක් පමණ  ක‍්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.

මේ රුපියල් බිලියන 160න් රුපියල් බිලියන 60ක් පමණයි  ලියාපදිංචි  ආයතනවල තියෙන්නේ. මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන ආයතනයක් ඇති කිරීමට කටයුතු කරනවා. මේ නියාමන ආයතනය යටතේ  එම ණය ලබාදීමේදී ණය ගෙවීමේ හැකියාව ආදී කටයුතු සොයාබැලීමට නියමිතයි.

රජයේ ආයතනවල යම් යම් අඩුපාඩුකම් තියෙන නිසා තමයි මේ ප‍්‍රශ්නය මෙච්චර දුරදිග ගිහින් තියෙන්නේ. මේකට  විධිමත්  පිළිවෙතක් තියෙන්න  ඕන‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

ජාතික ආර්ථික සභාවේන් නව ආර්ථික සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 406 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 299 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 310 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1433 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 328 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 256 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site