(නිමල කොඩිතුවක්කු)
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර රජය ජනතාවට ඇත්ත හෙලි කළ යුතු බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා කොළඹදී අද(02)පැවසීය.
මහර සිදුවීම ගැන වෙන වෙන ප්‍රකාශ සිදුකරමින් රජයේ නිලධාරීන්ගේ කර මත තබා ආණ්ඩුව ඇඟ බේරා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙසේද කීවේය.
"බන්ධනාගාර තුළ උණුසුම් වාතාවරණයක් ඇතිව තිබෙනවා. ආසන්නතම සිද්ධිය මහර බන්ධනාගාරයේ සිද්ධියයි. මේ සිද්ධියට වගකිවයුතු රජය අද ලබා දෙන උත්තරය දිහා මුළු රටම අවධානයෙන් බලා සිටිනවා.
දැන් මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඒක සාධාරණීකරණය කරන්න කතා කරනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හරහා තමයි මහර සිද්ධ නිර්මාණය වුණේ කියලා විමල් වීරවංශ මහත්තයා කියනවා.
මහර සිද්ධියෙන් කෝටි දහයකට අධික සම්පත් ප්‍රමාණයක් අහිමි වුණා. රැඳවියන් 11 ක් ජීවිතක්ෂයට පත්වුණා. වීරවංශ මහත්තයාගේ ප්‍රකාශය අනුව එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වලක්වන්න ගෝඨාභය රාජපක්ෂ කියන විරුවාට වසරක පමණ කාලයක් අවසන් ව තිබුණත් නොහැකි වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියලා අපි කියන කතාව සියයට සියක් ඇත්ත කියල විමල් වීරවංශ මහත්තයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනවා.
මේ රටේ රාජ්‍ය පාලනයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ තවදුරටත් එන්න පුළුවන් වටපිටාවක් ඇවිත් කියන එක උත්තරීතර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් කියලා කියවෙනවා.
විමල් වීරවංශ මහතා 20 ගැන සිංහනාද නගලා බලු කෙදිරිලි වලින් අවසන් කිරීම ගැන එතුමට ගෝඨාභය රාජපක්ෂ එක්ක ප්‍රශ්නයක් ඇති. හැබැයි කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරයෙක් විදිහට මේ වගේ ගොන් කතා කියලා රටේ ජනතාවගේ බුද්ධියට අවමන් කරන්න එපා කියලා අපි විමල් වීරවංශට කියනවා.
ඒ විරෝධය වලක්වන්න ඇඟේ හයියෙන් සීමාවන් අතික්‍රමණය කරල රජය ගත් ක්‍රියාමාර්ග නිසා තමයි මේ ගැටුම නිර්මාණය වුණේ.
දැන් එක එක බෙහෙත් පෙති ගැන කියනවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියනවා. එවැනි තත්ත්වයන්පාලනය කරන්න බැරි මේ ආණ්ඩුව එදා පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කරමත තියලා අපට චෝදනා නැගුවා.
එදා රට බේරගන්න පෙරට ආපු ඔය කියන විරැවා තමයි අද රටේ ජනාධිපති. බුද්ධි අංශය භාරව ඉන්න නායකයා මේ රටේ ජනාධිපති ඉදිද්දි බන්ධනාගාර ඇතුළට ඔය කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන්නේ කොහොමද?
අනවශ්‍ය ප්‍රමාණයෙන් මත් පෙති තියෙනවා කියලා කියනවනම් මත් පෙති එන්නේ කොහොමද?
මහර සිදුවීම ගැන වෙන වෙන ප්‍රකාශ කරලා රජයේ නිලධාරීන්ගේ කරමත තියලා ආණ්ඩුව ඇග බේරගන්න හදනවා නම් ඒක වැරදියි.
අමාත්‍යංශ ලේකම්ගේ පරීක්ෂණය පිළිගන්න තරම් මේ රටේ ජනතාව එකඟ වෙන එකක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලනවා. ස්වාධීන පරීක්ෂණයක් මඟින් රටේ ජනතාවට ඇත්ත හෙලි කරන්න කියලා අපි රජයට කියනවා. එහෙම නැතුව ඔලමොට්ටල ඇමැතිවරුන්ගේ ප්‍රකාශවලින් මේ සිද්ධිය වහන්න උත්සාහ කරන්න එපා කියලා අපි අවධාරණය කරනවා. යයිද ඔහු එහිදී පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.
"ආණ්ඩුව දිගින් දිගටම අසමත් කියලා ඔප්පු කරමින් සිටිනවා. විමල් වීරවංශ මහතා දිගින් දිගටම ජාත්‍යන්තරයට අභියෝග කරනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා ලංකාවට එද්දී එතුමා කොහෙද හිටියේ කියලා අපි අහනවා.
මේ ඇමතිවරු අද බොරු ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවමින් සිටිනවා. මේ ආණ්ඩුවට ඡන්දය දුන් බොහෝ ජනතාව අද කණගාටුවෙන් ඉන්නේ. මේ ආණ්ඩුව අසමත් භාවය වහගන්න කරන වැඩ නිසා ජනතාවට තව තවත් මේ ආණ්ඩුව එපා වෙනවා.
රාජපක්ෂ ආණ්ඩුවේ ඉතිහාසය දිහා බැලුවහම වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බා. පී.සී. ආර් පරීක්ෂණ කරන්න කියපු රැඳවියන්ට දැන් වෙඩි තියලා තියෙනවා. ආණ්ඩුව මේ සිද්ධියේ වගකීම භාර ගන්නවාලු. දැන් ආණ්ඩුව ෆේල් වෙලා ඉවරයි.
ආණ්ඩුව බන්ධනාගාර භාරව සිටි රාජ්‍ය අමාත්‍යවරිය මාරු කරා. දැන් මේ අමාත්‍ය ධුරය දරන්නේ විවිධ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගතව සිටි අමාත්‍යවරයෙක්. අමාත්‍යධුර පත් කිරීමේදී විද්‍යාත්මක භාවය කෙසේ වෙතත් බන්ධනාගාර රැදවියන්ගේ ආරක්ෂාවට බරපතළ ගැටලුවක් මතුව තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ
විජේ Wednesday, 02 December 2020 02:13 PM
ඔබතුමා දැක්කම මට මතක්වෙන්නේ දෙශපාලකයෙක් නෙවේ... ඔයා රනිල්ගාව ඉන්න ඕනේ...
Bamunuarachchi Saturday, 05 December 2020 11:57 PM
පරීක්ෂණ කලේ නැතිනම් ජම්පර් අන්දනවා කියන්න.
NM Sunday, 06 December 2020 05:11 PM
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නොව විපක්ෂ නායක සජිතුත් ෆේල්.... එක තමා මේ වනවිට රටේ ජනතා මතය.