IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දමිළයින් අවි අතට ගැනීම මුරුංගා අත්තක නගිනවා වගේ

(රොමේෂ් මධුෂංඛ)

දකුණේ ඇතැම් බලවේග හා දේශපාලනය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද  අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් දෙමළ තරුණයින් යළිත් වරක් අවි ආයුධ අතට ගැනීමට සැරසෙන්නේ නම් එය මුරුංගා අත්තක නැඟීමට වඩා වෙනසක් නැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

“පොදු අරමුණු ඉටු නොවන අවස්ථාවලදී  ඒ වෙනුවෙන් කෙටි කලක් බලා සිට පසුව එම අරමුණු සපල කරගැනීම සඳහා අවි අතට ගැනීම ඉතිහාසය පුරාම ලංකාව තුළ දැකිය හැකි කරුණක් වුවත් උතුරේ හෝ දකුණේ ආයුධවලින් සන්නද්ධවූවන්ට ලබාගත හැකිවූ කිසිඳු ජයග්‍රහණයක් නැහැ. විසඳුම් වෙනුවෙන් දමිළ තරුණයින් ආයුධ අතට ගන්නේ නම් එය මුරුංගා අත්තක නැගීමක් වැනි නිෂ්ඵල ක්‍රියාවක්

එමෙන්ම රජය ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට වූ පොරොන්දුව ඉටුනොවන තත්ත්වයක් තවමත් පෙනෙන්නට නොමැති නිසා රජයේ එම ස්ථාවරය වෙනස් නොවීමට ඉඩ නොතබා දෙමළ ප්‍රජාව හා දේශපාලනඥයින් අරගල කළ යුතුයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (15)

දමිළයින් අවි අතට ගැනීම මුරුංගා අත්තක නගිනවා වගේ

ජයරත්න Wednesday, 29 November 2017 09:00 AM

ඇත්ත. කැරලිවලින් ශක්තිමත් වෙන්නේ පාලකයින්මයි. උතුරේ ජනතාව අවිහිංසාවාදීව කරන සටනකට අපේ සහයෝගය දෙනවා. උතුරට ෆෙඩරල් ආණ්ඩුවක් තිබිය යුතුයි. සිවිල් කටයුතු තමන් විසින්ම පාලනය කරන්න හැම පළාතකම ජනයාට අයිතියක් තියෙන්න ඕන. හැමදාම කොළඹට යටත් වෙලා ඉන්න ඕන නැහැ.

:       1244       313

[email protected] Wednesday, 29 November 2017 09:07 AM

රනිල් මහතාට සපෝර්ට් නේද ?

:       10       192

BamunuarachchiThursday, 30 November 2017 09:11 AM

නැතිනම් 62 හම්බ වෙනවයැ?

:       0       129

sara Wednesday, 29 November 2017 10:20 AM

අපිට ලැබුණ, ඒ අයට නොලැබුණු දේ මොකද්ද?

:       327       426

BamunuarachchiThursday, 30 November 2017 05:57 AM

අපිට නොලැබී ඒ යට ලැබුණ දේ මොකක්ද? ඒ අයට ලැබුණා සිංහ කොඩිය වෙනස් කරපන් කියන්න. රටේ ජාතික ගීය සිංහලෙන් කියන්න බැහැ කියන්න. බෞද්ධ සිද්ධස්ථාන උතුරෙන් ඉවත් කරපන් කියන්න. නමුත් සිංහලයාට මේවාට විරුද්දව කතා කොරන්න ඉඩ ලැබුනේ නැහැ.

:       85       185

V.warnakulasuriya Wednesday, 29 November 2017 11:01 AM

මෙතුමාගේ ප්‍රකාශය නිවැරදිය. එහෙත් කිවයුත්තක්ද ඇත. බලය සහ බඩ ගෝස්තරය වෙනුවෙන් පමණක් කැපවෙන දේශපාලකයන්ගෙන්, විශේෂයෙන් පීඩිත පංතියේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. මේ නිසා ඒ පන්තියේ පීඩනය පුපුරා යාම විනාශකාරී වුණත් පලක් නොවුණත් සිදුවීම වැළක්විය නොහැකි වෙන්නටද පුළුවන.

:       50       87

Bamunuarachchi Wednesday, 29 November 2017 11:30 AM

ඔයගොල්ලෝ නැග්ගොත් මුරුංගා ගහේ... හැබැයි පුතෝ අපි නැග්ගුවොත් කටුඉඹුල් ගහේ.

:       41       211

saman Thursday, 30 November 2017 06:25 AM

උතුරු නැගෙනහිරට තියෙන ප්‍රශ්න ටික එහෙම්මම මොණරාගල වගේ පළාත් වලත් තියෙනවා. මේක සිංහල, දෙමළ ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථික සංවර්ධනය ගැන ප්‍රශ්නයක්. කොළඹ ඉන්න ද්‍රවිඩ අයට ඔය ප්‍රශ්න මොකුත් නෑ.

:       22       38

kumara Thursday, 30 November 2017 12:14 PM

අපි දැක්කා අවුරුදු 30ක් තිස්සේ මුරුංගා අත්තේ ඉඳන් මුරුංගා කාපු හැටි...

:       11       23

Dam Thursday, 30 November 2017 08:37 PM

අපිට ඇත්තේ කාබාසිනියාකාර, ආත්මාර්තකාමී හොරුන් පිළිබඳ ප්‍රශ්නයක් මිස ජාතිවාදයක් නෙවෙයි....සියලුදෙනාටම පොදු ප්‍රශ්නය එයයි..

:       43       61

Bamunuarachchi Friday, 01 December 2017 01:47 AM

ඔය ටික ඔබ කියන්න තිබුණේ දැනට අවුරුදු 30 කලින්. නමුත් දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් පසුව පස්සේ ටික ටික සිංහලය කව්ද කියන එක උඹලාට අමතකවී ගොස් 1980 ගණන් වන විට සිටි නිවට නියාලු සිංහල නායකයෝ නිසා සිංහල ජාතියම නිවටයි කියලා සිතුවා නේද. අන්න එතනයි වැරැද්ද ගත්තේ. නුඹලා අලුතෙන් හදන ඉතිහාසය නොවෙයි මෙරටේ තිබුන ඉතිහාසය.............

:       48       105

Bamunuarachchi Friday, 01 December 2017 02:00 AM

මෙන්න අපේ සිංහල නායකයින් නිවට වෙලා තිබෙන හැටි. දකුණේ විශ්වවිද්‍යාලයකදී සිංහල සිසු පිරිසකගේ අඩම්තේට්‌ටම්වලට උතුරේ දෙමළ සිසුන් ලක්‌වූවා නම් සිදුවන්නේ කුමක්‌ද? එවිට නම් රජයේ බලධාරීන් වහා කලබල වනු ඇත. මේ අවුල ගැන ඉහළ පෙළේ පරීක්‌ෂණද කැඳවනු ඇත. සහජීවන අමාත්‍යාංශය හඬා වැටෙනු ඇත. නමුත් සිදුව ඇත්තේ කුමක්‌ද? වව්නියාවේදී තර්ජනයට ලක්‌වූයේ සිංහල සිසුන්ය.සහජීවනය සිංහල අපෙන් ලැබෙන්නේ නැත. සහජීවනය වෙනුවට අපලනාග දොඩ ගැසෙන්නේ වෛරයයි. කරුණු කාරණා සලකා බලනවිට මේ සංහිඳියාව ඉතා ඉක්‌මනින්ම කුඩුපට්‌ටම් වන බවට ලකුණු තිබේ.සංහිඳියාවපමණක් නොව සංහිඳියාව ගෙනා අයද කුඩුපට්‌ටම් වන බවට ලකුණු තිබේ.

:       0       90

jayantha Friday, 01 December 2017 11:47 AM

සිංහලේට නෑකම් කියන සිහලුන් අතර සිටින උගත් කියලා පිළිගත්ත විනිසුරුවරයෙක් නීතිය හොඳට දැනගෙන තවත් උඩගෙඩි දෙන්නේ අායෙත් යුද්ධයක් ඇතිකරන්න නෙමේද? වයසත් එක්ක හිතන්න ඕනෑ විදිය නොදන්නවා නම් කියලා දෙන්න පුළුවනි.

:       10       64

Nandalal DE SILVA - France Saturday, 02 December 2017 01:25 PM

එසේනම් ද්‍රවිඩ නායකයින් උතුරු, නැගෙනහිර පළාත්වල මුරුංගා ගස් සිටුවීමෙන් වළකින්න.

:       0       6

සෙනෙවි Monday, 29 January 2018 11:31 AM

දෙමල තරුණයින්ව මුරුංගා අතුවල නග්ගවන්නෙත් මේ අයම නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 201 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1187 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 971 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2321 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site