IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ

(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, ඕමන්ත ප්‍රියන්ත හේවගේ සහ වන්නි රොමේෂ් මධුසංඛ)


ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (19) මන්නාරමේදී පැවැසීය.

දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව යහපාලන රජයෙන් බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් බිහිවනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බව ද පැවැසීය.

අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් කවුරුන් හෝ තවත් අයට හිරිහැර කරනවා නම් ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාකරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

රුපියල් ලක්ෂ 3062ක වියදමකින් නව ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගිවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
“වන්නියේ ජනතාවට සේවය ලබාගැනීම සඳහා නවීන ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. ජනතාව එයින් ප්‍රයෝජන ලබාගත යුතුයි. වජිර අබේවර්ධන, රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරුන් මේ කාර්යාලය විවෘත කරන්නට එන්නැයි මට ආරාධනා කළා. මේ ප්‍රදේශයේ දියුණු කිරීමට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා බොහෝසෙයින් වෙහෙසෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ කර්මාන්තකරණයට ලක්කිරීමට ඔහු උනන්දු වෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් බදුර්දීන් මහතා හැමවිටම මගෙන් ඉල්ලීම් කරනවා.

පාර්ලිමේන්තුවේදීත් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙහි දියුණුව ගැන මගෙන් නිතරම විමසීම් කරනවා. මන්නාරමේ තිබෙන ප්‍රශ්න ගැන කියනවා. මේ ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ වාර්තා ලැබුණු පසු පළාත් සභාවටත් සංවර්ධනය සඳහා වන වියදම් ලබාදෙන බවට මා ප්‍රකාශ කරනවා.

යුද්ධයෙන් විනාශවූ මන්නාරම හා වන්නිය දියුණු කිරීමට පළාත් සභාව හා මහ ආණ්ඩුව එකට එක්වී වැඩ කටයුතු කළ යුතුයි. මේ සංචාරයේදී උතුරු මහ ඇමැතිතුමාත් මුණ ගැසෙනවා. මේ උත්සවය පවත්වන්නේ එක් අතකින් විශේෂ දිනයකයි. යුද්ධය පැවැති සමයේදී රණවිරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා.

යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත අහිමිවූයේ ශ්‍රී ලාංකිකයන්ගේ බව කිවයුතුයි. ඔවුන් විදේශිකයන් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන දෙපාර්ශ්වයෙන්ම ජීවිතයෙන් වන්දි ගෙව්වා. යුද්ධය නිසා අහිංසක ජනතාව මරුමුවට පත්වුණා. 1983 සිට ශ්‍රී ලාංකික ජනතාව යුද්ධය නිසා මියගියා. එලෙස මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිං පමුණුවමු. බොහෝ ජනතාව තමන්ගේ මියගිය ඥාතීන් පිළිබඳව කල්පනා කරනවා. අපත් ඔවුන් පිළිබඳව එක සිතුවිල්ලකින් කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් සංහිඳියාව ඇතිකර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා.

කොටි සංවිධානය මේ ප්‍රදේශය පාලනය කරන සමයේ මෙහි තරුණ තරුණියන්ට ඔවුන් යටතේ විවිධ දේ සිදුකරන්නට යොමුවුණා. ඒ අය කිසිවිටකත් කොන්කළ යුතු නැහැ. ඔවුන් ද සමාජයට ඇතුළත් කොට සංවර්ධනයට එකතුකරගත යුතුව තිබෙනවා.

පළමුවෙන්ම අප මෙහි සංවර්ධන කටයුතු ඇරඹිය යුතුයි. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.

උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙනවා. මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මානත්ය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ අප සාකච්ඡා කරමු. මේ සියලු දේ සාර්ථක වන්නේ සංහිඳියව සහ දේශපාලන විසඳුමක් ලබාදුනහොත් පමණයි.

එම දේශපාලන විසඳුම ලබාදීමට ශ්‍රී ලංකාවේ නායකයන්ට හැකියාව තිබෙන බව ලෝක නායකයන් පවා පිළිගෙන තිබෙනවා. යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ අප දැන් පියවර ගන්නවා.

සියලුදෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එම වැඩකටයුත්ත සිදුකළ යුතු බව මා හමුවූ සියලුම ලෝක නායකයන් මට පැවසුවා. ජපාන අගමැතිතුමා මට ඒ බව පැවසුවා. මෝදි අගමැතිතුමා මෙහි පැමිණ අප සමඟ කතා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟත් මා සමඟත් ඉන්දීය අගමැතිවරයා කතා කළා. ඉක්මනින්ම මේ අර්බුදය ගැන විසඳුමකට එන්නැයි දැනුම් දුන්නා.

ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය මේ පිළිබඳ යොමුවී ඇති බවත් ඒ ගැන මූලික සාකච්ඡා සිදුකෙරෙන බවත් ඊළඟ මාස දෙක ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මා ඉන්දීය අගමැතිවරයාට දැනුම් දුන්නා. අපට මේ ප්‍රශ්නය දිගින් දිගටම අදිමින් ඉදිරියට ගෙනයන්නට බැහැ. ලබන සුමානයේ සිට අප එම සාකච්ඡා ආරම්භ කරනවා. මූලික එකඟතා ගණනාවකට එළැඹිය හැකියි. ඉතිරි ප්‍රශ්න පිළිබඳව අපට සාකච්ඡා කළ හැකියි.

ජාතිවාදී හා ආගම්වාදී ස්ථාවරයේ සිට මේ ප්‍රශ්න විසදීමට හැකියාවක් නැහැ. රට බෙදනවා. වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. රට නැතිවෙනවා ආදී කතා කියමින් ප්‍රශ්න විසඳන්නටත් හැකියාවක් නැහැ. අප සියලුදෙනා එක්වී ඒ වැඩකටයුත්ත කළ යුතුයි. දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සාධාරණ බලය බෙදීමේ වැඩසටහනක් ද බලාපොරොත්තු වෙනවා.

ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් ජනතාවගේ අපේක්ෂාවයි. රටට ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය අනුව ක්‍රියාත්මක කරන බව මා මෙහිදී අවධාරණය කරනවා.

මෙරට බහුතර ජනතාවක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළේ මෙරට ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය නිසයි. මැතිවරණයේදී ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් දැන් ඒ විසඳුම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලෝකයත් එම විසඳුම බලාපොරොත්තු වෙනවා. කකුලෙන් අදිමින් එම විසඳුම පමාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාත්, මමත්, විපක්ෂ නායකතුමාත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂයේ සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමට අප සූදානම්.

දේශපාලන විසඳුම වෙනුවෙන් කැපවී ඊළඟ මාස කිහිපයේදී රටට හොඳ වාර්තාවක් ලබාදී හොඳ ව්‍යාවස්ථාවක් නිර්මාණය කර අනුමත කරගැනීම අපේ අරමුණයි. නව ව්‍යවස්ථාව පැමිණි විට සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ වෙනුවෙන් අප සියලුදෙනා බේද අතහැර කැපවෙමු. මෙහි ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතියක් පුදකරනවා.”

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා.
“මුණ්ඩිකුලම ප්‍රදේශයේ අක්කර සියයක් ජනතාව වෙනුවෙන් නිදහස් කොට තිබෙනවා. එය ජනතාවට කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. රජය සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයකුගේ ඉඩම් ලබාගෙන තිබේ නම් ඒවා නිදහස් කිරීම අපේ අරමුණයි. ජී.එස්.පී ප්ලස් සහනය ලැබීමෙන් අපේ ජනතාවට විශාල සහනයක් ලැබූ බව කිවයුතුයි. තව ඉදිරියටත් මන්නාරමේ මෙන්ම උතුරේ ජනතාවට සංවර්ධනය සැලසීමට අප සූදානම්.”
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා,
“ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලැබීමෙන් පසුව අපට යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. එමෙන්ම යහපාලන රජය යටතේ ජාත්‍යන්තර සහයෝගය විශාල වශයෙන් සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබී තිබෙනවා.
වන්නි ප්‍රදේශයට අයත් ගම් දනව් විශාල වශයෙන් පීඩාවට පත්වුණා. ඔවුන්ගේ ජනජීවිතය ගොඩනැගීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවධානය යොමුවී තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියහොත් වන්නේ රට විනාශවීමයි. සියලුදෙනා එකතුවුවහොත් රටට සෞභාග්‍ය උදාකළ හැකියි.

ජනාධිපතිවරණයේ ජයගැනීමට තිබියදීත් ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම අමතක කරන්නට බැහැ. ඔහු ඒ සටනට සැබෑ ජයග්‍රහණයක් ලබාදුන්නා.”

පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති සෙල්වම් අඩෙකලනාදන් මහතා,
 “පසුගිය රජයට වඩා ජනතා සේවයක් අපට ලැබී තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්න, සිරකරුවන්ගේ හා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න විසඳාගත යුතුයි. එසේම ඉඩම් ප්‍රශ්න විසඳීමට රජය ඉදිරිපත්විය යුතුයි.
මෙහි රජයේ සේවකයන් එහි නිලධාරීන් කිසිකෙනකුගේ බලපෑමට යටත් නොවී අවංකව සේවය කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නැතිනම් තවත් සේවයක් කිරීමට හැකියාව ලැබේවි.”

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා,
“නව දිසාපති කාර්යාලයක් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකරනවා. මිලියන 305 වියදමින් මෙය ඉදිකිරීම මන්නාරම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. අපි ජනතාව හමුවුණාම ජනතාව අපේ ප්‍රශ්න කියනවා. ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීම අපේ යුතුකමක්. නමුත් විසඳුම් ලබාදීමට අපහසු අවස්ථා ද තිබෙනවා.”
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,
“මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට මූල්‍ය ආධාර ලබාදුන් අග්‍රාමාත්‍යවරයාට මාගේ ස්තූතිය පළකරනවා. අපේ ජනතාවට ප්‍රශ්න රාශියක් තිබුණත් ඒවා කතා කරන අවස්ථාවක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට අපට පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව ද ස්තූතිය පුදකරනවා.

මන්නාරම බස් නැවතුම්පොළ හොඳින් ඉදිකරගතයුතුව තිබෙනවා. තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයේ බොහෝ මාර්ග අබලන් වී තිබෙන්නේ. ඒවා ඉදිකරන ලෙස ආධාර යොමුකරන ලෙස ද ඉල්ලා සිටිනවා.”
මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස් දේශප්‍රිය මහතා,
“මේ ගොඩනැගිල්ල කෙටි කලකින් වැඩ නිමකළා. කිසිම බාධාවකින් තොරව මිලියන 305 මුදල් ප්‍රතිපාදන ලැබුණා. මේ තුළින් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කිරීමට හැකිවීම මාගේ හැඟීමයි.”
මෙම උත්සවයට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද රාජ්‍ය නිලධාරීහු ද ඇතුඵ විශාල පිරිසක් සහභාගීවූහ.



අදහස් (1)

ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ

shan saudi Tuesday, 23 May 2017 04:24 AM

ආගම්වලට බලපෑම් කළොත් දැඩි පියවර මුස්ලිම් පල්ලි ඇතුළු අනෙකුත් දේවස්ථානවලට පහරදීම් හා අන්‍ය ආගම්වලට බලපෑම් කරන අයට දැඩි පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත. නව කැබිනට් ධුර දිවුරුම් දීමෙන් පසුව ආරක්ෂක ප්‍රධානීන් අරලියගහ මැදුරට කැඳවා මෙම උපදෙස් ලබාදී ඇත. කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට කිසියම් පිරිසක් පහර දීමේ සිද්ධිය ඊට ආසන්නම හේතුව වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා වාර්තාවක්ද ඉල්ලා ඇත. කුමන හේතුවක් මත වුවද අන්‍ය ආගමික ස්ථානයකට එලෙස හානි කිරීමට ඉඩ දිය නොහැකි බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2273 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3119 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3502 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2424 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 291 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1234 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site