IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි

(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. 

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. 

මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. 

යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. 

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: 

උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.
නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.

නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): 

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. 

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):

ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):

පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. 
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.

අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:

මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.

යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-

අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. 

ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. 

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: 

ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):

රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. 

මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. 

පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):

19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. 

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):

රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.

මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං):

රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. 

ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):

බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):

මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. 

අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:

විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.
එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. 

දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:

ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:

2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. 

ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):

“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.

පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):

දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.

වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:

ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. 

මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:

ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. 

යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. 

නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:

ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ. 

 



අදහස් (0)

ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 201 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1187 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 971 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2321 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site