IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


“වියත්කම මහජන නියෝජනයට එක් හේතුවක් පමණයි”

(බිඟුන් මේනක ගමගේ )

පාර්ලිමේන්තුවට පිවිසිය යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන ජනතාව සමඟ සිටින දේශපාලන නායකයන් යැයි ද,  විද්වත්භාවය එක් සුදුසුකමක් පමණකැයි ද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක හා හිටපු ඇමැති සිරිපාල ගම්ලත් මහතා ‘ලංකාදීප’ යට අද(25) පැවැසීය. 

පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ විද්වතුන්ම පමණක් නම් ඒ සඳහා වෙනම සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පුද්ගලයන් තෝරාගත හැකි යැයි ගම්ලත් මහතා කීය.

මැතිවරණවලට අපේක්ෂකත්වය දීමට නාමයෝජනා දීමේදී මෙතෙක් කල් අනුගමනය කළ වැඩපිළිවෙලක් ඇතැයි ද සෑම මැතිවරණයකදීම ඊට අලුත් මුහුණු එකතුවන්නේ යැයි ද ඒ මහතා කීය.

ඒ අනුව වියත් මග වැනි සංවිධානවල පිරිස්වලට ද නාමයෝජනා ලැබෙනු ඇතැයි කී හෙතෙම අවසාන තීන්දුව ගනු ඇත්තේ ජනතාව විසින් යැයි ද කීවේය.


පොළොන්නරුව දිස්ත්‍රික්කයට ප්‍රධාන පක්ෂ දෙකෙන් පමණක් 16 දෙනකු තරග කළ ද පාර්ලිමේන්තුවට තේරීපත්වීමට අවස්ථාව ලැබෙන්නේ පස් දෙකනුට පමණකැයි ද ගම්ලත් මහතා සඳහන් කළේය.



අදහස් (0)

“වියත්කම මහජන නියෝජනයට එක් හේතුවක් පමණයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site