(ඩී.කේ.රත්න)
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තමන්ට ‘ලෙඩ දාන විට’ ‘රැකියා දෙක තුනක් දීලා ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීලා ෂේප් කරගන්නවා’ යැයි ඌව පළාත් මහ ඇමැතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී කර ඇති ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බවත් ඌව පළාත් සභා මන්ත්‍රී චමින්ද තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.
පසුගියදා අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් සිදුකර ඇති බව ලංකාදීප පුවත්පතේ පළවූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉකුත්දා බදුල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ තිස්සකුට්ටිආච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“දැන් අපට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් කියන්නත් ලැජ්ජයි. මහ ඇමැතිට නම් කොහොමත් ලැජ්ජාවක් නෑ. ඒත් උගත් බුද්ධිමත් මන්ත්‍රීවරු ගණනාවක් මේ සභාවේ ඉන්නවා. ඒ සියළු දෙනාට නිග්‍රහයක් මහ ඇමැතිවරයා කර තිබෙන්නේ. තමන්ට ලෙඩ දාන මන්ත්‍රීවරුන්ට රැකියා දෙක තුනක් දීල - ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීල ෂේප් කරගන්න.
දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කඩුව අතට ගන්න ඕනෑ. මේක එෆ් සී අයි ඩී යන්න ඕන ප්‍රශ්නයක්. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සිල් රෙදි බෙදුවා කියා හිටපු ජනාධිපති ලේකම්වරයාව හිරේ දාන්න පුළුවන් නම් රැකියා අල්ලස් දීම, කොමිස් ගහන්න කොන්ත්‍රාත් අල්ලස් දීම බරපතල වරදක්.
මළ ගෙදරක් වුණාම චාමර සම්පත් දසනායක මහ ඇමැතිවරයා යනවලු මනාප එකතු කරන්න. මෝචරිය ළඟ කොල්ලෙක් දාල ඉන්නවලු. මරණයක් වුණු ගමන් දුරකතනයෙන් දන්වන්න. චාමර සම්පත් මහ ඇමැතිතුමෝ දැන්වත් ඔය විලි ලැජ්ජ නැති දේශපාලනේ නවත්තන්න.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’