IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘වර්තමාන පාර්ලිමේන්තුව ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක්’

(නිමල කොඩිතුවක්කු)
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත් වූ බවත් එම තත්වය ඉදිරියට ගෙන යන ලෙස තව මාස තුනකින් පත්වන නව කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසුරිය මහතා අද(30)පැවැසීය.

 
රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට විශාල වැඩ කොටසක් පාර්ලිමේන්තුවෙන් ඉටුවීම ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇති බවත් පැවසූ කතානායකවරයා  වර්තමාන පාර්ලිමේන්තුව ගෙවී ගිය කාලය තුළ ඉටුකළ සේවය ගැන කතානායකවරයා ලෙස තමන්ට සතුටු විය හැකි බවත් සඳහන් කළේය.
 
කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැරමීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවයක් අමතමිනි.
 
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුබ සාධන හා විශේෂ ව්‍යාපෘති කාරක  සභාව මෙම කටයුතු සංවිධානය කර තිබුණි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසුරිය මහතා මෙසේද කීවේය.
                                                                                
“2015 සැප්තැම්බර් මස ආරම්භ වුණු ශ‍්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව වන වර්තමාන පාර්ලිමේන්තුවෙන් ගෙවී ගිය කාලය තුළ රට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කිරීමට අපට හැකි වුණා.
 


මේ කාලය තුළ පාර්ලිමේන්තුවේ කමිටු ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ගොඩනැගීම, ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රියාවලිය බල ගැන්වීම, තොරතුරු දැනගැනීමේ පනත වැනි  සිවිල් අයිතිවාසිකම් ශක්තිමත් කරන  වැදගත් අණ පනත් සම්මත කිරීම, පාර්ලිමේන්තු  කමිටු ක‍්‍රියාවලිය මෙන්ම ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පිහිටවීම, පාර්ලිමේන්තුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කිරීම වැනි කාර්ය භාර්ය රැසක්  කිරීමට  අපට හැකි වුණා.
 
නිදහස ලබන විට ලොව ශක්තිමත් ආර්ථිකයක් හිමිව සිටි ශ‍්‍රී ලංකාව වර්තමානයේදී පත්ව ඇති තත්වය පිළිබඳව අපට සතුටු විය නොහැකියි.  මෙම තතත්වයට  ප‍්‍රධානතම හේතුවක් වුයේ ජාති, ආගම් වශයෙන් ඇති වු අසමඟිය  බව අපි සියලූදෙනාම පිළිගත යුතුයි.
 
වර්තමානයේ ලොව ජය කෙහෙළි නංවන අපේ විශිෂ්ට දරුවන් එම අතීත ශ‍්‍රී විභුතිය නැවන ගොඩ නගනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. ඒ නිසා මෙතැන් සිට  අප ශ‍්‍රී ලාංකික දරුවන් වෙනුවට  ලෝකය ජයගත හැකි  දරුවන් බිහිකළ යුතුයි. ලෝකය ඉදිරියේ අපරාජිතව සිටිය හැකි විශිෂ්ටයන් අප සතුව සිටින බව මෑතකදී ලෝක අවධානය දීනාගත් නිර්මාණ බිහි කළ තරුණ දරුවන්   ඔප්පු කර  තිබෙනවා” යැයිද කථානායකවරයා එහිදී පැවැසීය.
 
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  හා කාර්ය මණ්ඩල ප‍්‍රධානී නීල් ඉද්දවෙල, සහකාර  මහලේකම්වරුන් වන  කුෂානි සේනාධීර, ටිකිරි කේ. ජයතිලක, පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු  යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.   

 



අදහස් (4)

‘වර්තමාන පාර්ලිමේන්තුව ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක්’

gamini Tuesday, 31 December 2019 03:20 AM

ආදර්ශමත් මොන අතින්ද? තක්කඩිකමින්නම් හරි.

:       0       27

tikira Tuesday, 31 December 2019 05:43 AM

ඇයි මිරිස් කුඩු ප්‍රහාර වලින් ඉස්තරම්ම පාර්ලිමේන්තුව ...............

:       0       22

Bamunuarachchi Wednesday, 01 January 2020 03:24 PM

"කාර්යමණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැරමීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවයක් අමතමිනි. "ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ අමතා ගන්නවා.. අපිට අදාළ නැත.

:       0       6

Bamunuarachchi Wednesday, 01 January 2020 03:26 PM

"...ගෙවී ගිය කාලය තුළ රට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කිරීමට අපට හැකි වුණා." එ්කනේ ජනතාව ලක්ෂ 69 කින්ම සැලකුවේ... කාටද හලෝ ඕවා කියන්නේ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site