IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘උතුරු නැගෙනහිර ජනතාව රජය ගැන කනස්සල්ලෙන්‘-මනෝ ගනේෂන්

(කාංචන කුමාර ආරියදාස)

‘රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුද හමුදාව එක්ව නිවස ලබාදුන් බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.


රජය  මගින් උතුරු නැගෙනහිර ජනතාවට එක් නිවාසයක් හෝ  ලබාදී නොමැති නිසා ජනතාව රජය කෙරේ   කලකිරීමකින් සිටින බවත් හෙතෛම පැවසීය.


රාජ්‍ය භාෂාව සහ සංහිඳියාව පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින්   පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එමෙන්ම  අත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවට  තේරීපත්වන මන්ත්‍රීවරුන් සිංහල සහ දෙමළ භාෂා දෙකම දැනගෙන සිටිය යුතු බවත් තමන්ට බලයක් පවතින්නේ නම්  පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට භාෂා තුනම අනිවාර්ය කරන බවත් සඳහන් කළේය.


එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දමිළ භාෂාව ඉගෙන ගැනීමත් සිංහල භාෂාව ඉගෙන ගැනීමත් පාර්ලිමේන්තුවේ පංති පැවැත්වූ බවද එහෙත් උත්ස වාකාරයෙන් ආරම්භ කළ එම ඉගැන්වීම් මධ්‍යස්ථානය කථානායකතුමා විසින් ආරම්භ කළ බවත් මේ වන විට එහි කිසිදු මන්ත්‍රීවරයකු ඉගෙන ගැනීම සිදු නොකරන බව හෙතෙම සඳහන් කළේ ය.


උතුර නැගෙනහිර ප්‍රදේශවල නිවාස ලක්ෂයක් තනා දීමට මීට වසර තුනකට ඉහතදී රජය තීරණය කළ බවත් නමුත් ආණ්ඩුවට එකම නිවසක්  හෝ සාදා දීමට නොහැකි වී තිබෙන බවත් ඉන්දියානු ආණ්ඩුව නිවාස හතළිස් පන්දහසක් හදලා දී තිබෙන බවත් හමුදාව ඉදිරිපත් වී තවත් නිවාස රැසක් ජනතාව වෙනුවෙන් තනා දී ඇති බවද පැවසීය.


එම නිවස ලක්ෂයකින්  පනස්දාහක් ස්වාමිනාදන් අමාත්‍යවරයාට භාර දී තිබෙන බවත් ඔහු එක ගලක්වත් නිවාස ඉදිකිරීම සඳහා තබා නැතැයිද චෝදනා කළේය.  නිවාස පනස් දහසක්  ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයක සිරවී තිබෙන  බවත් එම නිවස පනස්දහස  තම  අමාත්‍යාංශයට ලබා දෙන බවට පොරොන්දු වුවද එය තවමත් අග්‍රාමාත්‍ය වරයාගේ කාර්යාලයේ සිර වී තිබෙන බවත් තමන් ඒ සඳහා තර්ජනාත්මකව  ප්‍රකාශ කළ බවද කියා සිටියේය.

 
නිවාස සැලසුම් ටික සිර වී තිබෙන බවත් තවත් සති දෙකක් මේ පිළිබඳව   ඉදිරිදී මාධ්‍ය ඉදිරියට  පැමිණ එහි සිදුවී ඇති සත්‍ය හෙළිදරව් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


ස්වාමිනාදන් අමාත්‍යවරයාට එම ප්‍රදේශයේ ජනතාව බනින බවත් තමාට ජනතාවගෙන් දොස් ඇසීමට නොහැකි බව ද සඳහන් කළේය. හිටපු රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන් වැරදි කතාවට තමන් එකඟ නොවන බවත් එහෙත් එම කතාවට බනින මිනිසුන් උතුරු නැගෙනහිර ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීම සඳහා අසමත් වී තිබෙන බවත් විජයකලා මහේෂ්වරන් කළ මතය තුලම ජනතාව එල්බ සිටින බවද සඳහන් කළේය.


මෙම ආණ්ඩුව ස්ථාපිත කරලා දීම, ඇමතිවරුන් ලබාදීම, රටේ වෙනසක් ඇති කිරීම, ජනපතිවරයෙක් ඇතිකිරීම ,අග්‍රාමාත්‍යවරයෙක් ඇතිකිරීම, සියල්ල උතුරු නැගෙනහිර ජනතාව සිදු කර දුන් බවත් එහෙත් එම ජනතාවට කිසිදු සංවර්ධනයක් නැතැයි ද යන මතය තුළ ජනතාව සිටින බව සඳහන් කළේය.
මෙහිදී   අමාත්‍යවරයා තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එය  මිල සූත්‍රය රටට ගැලපෙන එකක් බවය.

 



අදහස් (1)

‘උතුරු නැගෙනහිර ජනතාව රජය ගැන කනස්සල්ලෙන්‘-මනෝ ගනේෂන්

kalani Friday, 13 July 2018 03:51 AM

ඔබේ ප්‍රකාශය උතුරු නැගනහිර ජනතාව ලෙස නොව සමස්ත ශ්‍රී ලංකා ජනතාවම කනස්සල්ලෙන් කියා නිවැරදි විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28881 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11255 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 692 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site