IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


‘ආසන 135 ක් අපි ගන්නවා’


 
(විනීතා එම් ගමගේ)         

                        
මහ මැතිවරණයෙන් ආසන 130 ත්  135 ත් අතර සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවන බවට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අනාවැකියක් පළ කළේය. 


මැතිවරණයේ දී තම පෙරමුණ හැත්තැ ලක්ෂයක් ඡන්ද  ලබා ගතහොත් දෙවැනි ස්ථානයට ඡන්ද ලබන පක්ෂය තිස්පන් ලක්ෂයක් අභිබවා නොයනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.


එක්සත් ජාතික පක්ෂයට හෝ ඊට අයිතිය කියන අනෙක් කණ්ඩායමට එකම එක දිස්ත්‍රික්කයක් වත් දිනාගැනීමට නොහැකි වන බව පෙනෙන්නේ යැයි ද දෙමළ සන්ධානය සමහර විට වන්නි මඩකලපු හා යාපනය දිස්ත්‍රික් දිනාගනු ඇති බව ද ඔහු කියා සිටියේය.


අම්පාර හා ත්‍රිකුණාමලය  යන දිස්ත්‍රික් සම්බන්ධව තරඟයක් ඇතැයි ද අනෙක් කිසිදු දිස්ත්‍රික්කයක් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නැතිව දිනාගත හැකි බව විශ්වාස යැයි ද රාජපක්ෂ මහතා කීය. 


තම පක්ෂය විද්‍යානුකූල මැතිවරණයක් පවත්වන බවත් අනාවැකි කියන්නකු වීමට අකමැති බවත් කී රාජපක්ෂ මහතා රටේ පැරණිතම දේශපාලන පක්ෂය හතරවැනි ස්ථානයට හෝ පැමිණිය හොත් ලොකු දෙයක් වනු ඇතැයි ද කියා සිටියේය. 


මෙවර පූර්ව මැතිවරණ ප්‍රචාරක සමය ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෙවී ගිය බවත් එහි ගෞරවය ජනාධිපතිවරයාට අගමැතිවරයාට මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ද අත් විය යුතු  බව ද හෙතෙම කියා සිටියේය. 
එමෙන්ම තම පක්ෂය ද ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය මෙන්ම රටේ ප්‍රධානතම පක්ෂය ලෙස මැතිවරණ නීතින්ට අනුකූලව කටයුතු කළැයි කී ඔහු සෞඛ්‍ය බලධාරින්ගේ නීතින්ට අනුකූලව කටයුතු කරන්නට සෑම අවස්ථාවක ම පියවර ගත් බව ද පැවසීය. 


ජනාධිපතිවරයෙකු දේශපාලන වේදිකාවේ ජනතාව ඇමතීමට පියවර නොගත් පළමු අවස්ථාව මෙය යැයි ද හැම සංවිධායකවරයකුටම වේලාවක් වෙන්කර රටපුරා ගොස් ජනතාව සමග කථා කළ බවත් පරිසර හිතකාමී මැතිවරණ සටනක් ගෙන යන්න්ට පියවර ගත් බවත් හෙතෙම කියා සිටියේය.


බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කොළඹ කිංස්බරි හෝටලයේ අද (2) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 


එහි දී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කවර මත තිබුණත් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන ස්තුති කරන බවත් එය කටයුතු කළේ පවතින මැතිවරණ පනතට අනුව බවත් පෙන්වා දුන් රාජපක්ෂ මහතා සෞඛ්‍ය  බලධාරින් ද පැනවූ නීති රීති අකුරට ක්‍රියාත්මක කරමින් කටයුතු කළ බව ද කීය. 


මැතිවරණයෙන් පසු පිහිටුවන නව රජයේ අගමැතිවරයා ලෙස පත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා යැයි ද ඔහු කීවේය. 
 



අදහස් (9)

‘ආසන 135 ක් අපි ගන්නවා’

Rata Perata Sunday, 02 August 2020 10:27 AM

දැන් මෙයත් සාස්තර කාරයෙක් වෙලා වගේ.

:       0       30

BamunuarachchiFriday, 07 August 2020 12:27 PM

හලෝ මේ දේශපාලනයේ අවුරුදු 40ක පලපුරුද්දක් තිබෙන අය ගොබ්බයින් වගේ නොවෙයි... ඔන්න135ට 145ම ගත්තා. ඔහෙලාගේ ලොක්කෝ එක්කෙනෙක් ඇපත් නැතිව ගියා.

:       0       0

ravi898 Sunday, 02 August 2020 10:51 AM

අපි රාජපක්ෂලාට අපේ ඡන්දේ දෙන්නේ නැහැ.

:       0       81

channa Sunday, 02 August 2020 11:45 AM

ලංකාවේ මිනිස්සු ඡන්දෙ දීලා රජ පවුල් ඇති කරනවා. හැබැයි ඡන්දෙ දෙන අය හැමදාම හිඟන්නෝ.

:       0       58

විජිත් Sunday, 02 August 2020 12:50 PM

දැනටමත් කුරුනෑගල ආසනය ඇනගත්තා.

:       0       71

BamunuarachchiFriday, 07 August 2020 12:29 PM

ලක්ෂ 5කින් අනාගත්තා නේද?

:       0       0

rathnayaka - thangalla Sunday, 02 August 2020 12:58 PM

මේගොල්ලෝ බලයට ආවොත් නඩුත් නැහැ බඩුත් නැහැ.

:       0       39

sirimalTuesday, 04 August 2020 11:54 AM

ඔය කියන්නේ නඩුත් රජුගේ, බඩුත් රජුගේ... කියලනේ...

:       0       31

raveen Tuesday, 04 August 2020 09:13 AM

පවුල් බලය හෙලා දකිමු...

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1393 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1283 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site