IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොරෝනා ගැන නොදන්නා ආණ්ඩුවකට බලය දීමෙන් රටම අනතුරේ

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් එනවාද, නැද්ද කියාවත් හරි අබෝධයක් නැති ආණ්ඩුවකට පාලන බලය දීම සමස්ත රටේම ජීවිත අනතුරේ හෙළීමක් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල ජන රැලි මාලාව අමතමින් පැවසීය.

‘හන්දි ගානේ බැණ අඬ ගසා ගන්නවා වෙනුවට ප්‍රතිපත්ති පිළිබඳ විවාදයකට පැමිණ කොරෝනා වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකියාව ඇති පක්ෂය තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව යුතු යයි ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර, එප්පාවල, පොලොන්නරව, මින්නේරිය, කින්නියා, ත්‍රිකුණාමලය, දඹුල්ල කුරුණෑගල සහ පුත්තලම පැවැති ජනරැලි අමතමින් වැඩිදුරටත්  අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

කොරෝනා වසංගතය හමුවේ මැතිවරණ රැස්වීම් පැවත්විය යුතු ආකාරය පිළිබඳව දැක්වෙන ගැසට් නිවේදනය මැයි මාසයේදී  සකස්කර තිබුණා. එහෙත් විශාල රැස්වීම් පවත්වන්න පොහොට්ටුවට අවශ්‍ය වුණා. ඒ නිසා ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළේ නැහැ. මේ තත්ත්වය  නිසා නැවතත් කොරෝනා වසංගතය පැතිරෙන්න පටන් ගත්තා.

නිසි පරිදි පරීක්ෂණ නොකිරීම නිසා නැවතත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙන්න පටන්ගෙන තිබෙනවා. ලෝකයේ සෑම රටකටම පාහේ කොරෝනා වසංගතයේ දෙවැනි වටයක් පැමිණියා. ප්‍රශ්නය වඩාත් බැරෑරුම් වන්නේ පරීක්ෂණ කටයුතු නිසි පරිදි නොකරන නිසයි. අපට වඩා ආර්ථික අතින් පහළ තත්ත්වයේ තිබෙන නේපාලය, උගන්ඩාව වැනි රටවල් ද ප්‍රමාණවත් පරිදි කොරෝනා පරීක්ෂණ කරනවා.
දැන් කොරෝනා වසංගතය සමඟ ආර්ථික ප්‍රශ්නද උග්‍ර අතට හැරෙමින් තිබෙනවා. මේ ප්‍රශ්න දෙකටම ආණ්ඩුවෙන් විසඳුම් ලැබී නැහැ. කර්මාන්ත ශාලාවලින් සේවකයන් ඉවත් කරමින් සිටිනවා. මේ වනවිට ලංකාවේ ලක්ෂ 5කට  රැකියා  අහිමිවෙලා. මේ වසර අවසන් වනවිට ඒ ප්‍රමාණය ලක්ෂ දහයක් වීමට නියමිතයි.

පළමුවෙන්ම කළ යුත්තේ රැකියා අහිමිවෙන ජනතාවට අදායමක් දීමයි. රැකියා අහිමි වූ ජනතාවට මසකට රුපියල් දස දහසක් දීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එකඟතාව පළ කළේ ඒ නිසයි.

සේවකයන්ට වේතන ගෙවීම සඳහා කර්මාන්ත ශාලාවලට යම් මුදලක් දීමට අප කටයුතු කරනවා. ඇඟලුම් කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය ද දියුණු කිරීමට මා කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය බිඳ වැටී තිබෙන නිසා හෝටල් සේවකයන්ටත්, සංචාරක ව්‍යාපාරයෙන් ජීවනෝපාය සකසා ගත් අයටත් උදව් කළ යුතුයි.

ආණ්ඩුව මේ වසරේදී ජනතාවගේ බර දරා ගත යුතුයි. ලෝකයේ වෙනත් රටවල් ද ඒ කාර්යය කරනවා. ඕස්ට්‍රේලියාවේ සෑම පවුලකටම ආණ්ඩුවෙන් ඩොලර් තුන් දහසක් දුන්නා. ඒ ආණ්ඩු ජනතාවගේ අතට මුදල් දෙනවා. පොහොට්ටු ආණ්ඩුව ජනතාවගේ අතේ තිබෙන මුදලත් සූරා ගන්නවා.

මේ ආණ්ඩුවෙන් සහන බලාපොරොත්තු වෙන්න හෝ විශ්වාසයක් තියන්න හෝ බැහැ. ඒ නිසා තවත් වසර 5ක් දුක් විඳිනවාද එසේ නැතිනම් දුකෙන් මිදීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙනවා දැයි ඔබ තීරණය කළ යුතුයි.

ගොවි ජනතාවට අද විශාල ප්‍රශ්නයක් තිබෙනවා. කෘෂි බෝග අලෙවි කර ගන්න නොහැකිවෙලා. ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාට කිසිම සහනයක් නැහැ. වාසිය ගන්නේ අතරමැදියායි. මේ ක්‍රමය වෙනස්කොට සැපයුම් ජාලය දියුණු කිරීමට අප කටයුතු කරනවා.
2019 වසරේදී අප පළමු ශීතාගාරය දඹුල්ලේ විවෘත කළා. රට වටේම එවැනි ශීතාගාර ඉදිකිරීම අපේ සැලසුමයි. රටේ සැමට සින්නක්කර ඉඩම් අයිතිය දීමට අප නීතියක් සකස් කළ ද පොහොට්ටුවේ අය ඊට විරුද්ධ වුණා.

සෑම වර්ගයකම පොහොර ශ්‍රී ලංකාවට ගෙන ඒමට අප ඉඩ දෙනවා. එමෙන්ම ගොවීන් සඳහා සහනාධාර දෙන අතර එය ගැනීමට කැමැති ක්‍රමවේදය ගැන ගොවීන් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙනවා.

කොරෝනා දෙවැනි වටයක් එන්නේ නැතැයි නොපිළිගන්නා ආණ්ඩුව එයින් උද්ගතවන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේද? කොරෝනා පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 250ක් ලැබුණු බව අගමැතිවරයා පවසනවා. සතයක්වත් නොලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා. එසේනම් වූයේ කුමක්ද? ලැබුණ මුදල් කවුරුන් හෝ වංචා කළාද?

කොරෝනා මර්දන කටයුතු සඳහා බලයක් නැතැයි සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියනවා. ඔවුන් වර්ජනයක්ද අරඹලා. මේ අවුලට වගකියන්නේ කවුද? කොරෝනා පැතිරීම වැළැක්වීමට කිසිදු පියවරක් ගන්නේ නැතිනම් තවදුරටත් ආණ්ඩුව ගැන විශ්වාසය තබන්නේ කෙසේද? ආණ්ඩුව කොරෝනා අමතක කළ ද කොරෝනා අප අමතක කරන්නේ නැහැ.

ලෝකයේ සෑම රටක්ම පාහේ කොරෝනා මර්දනය වෙනුවෙන් පරීක්ෂණ කරනවා. නමුත් ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල පර් යේෂණාගාර සඳහා අවස්ථාව දී තිබේද? ශ්‍රී ජයවර්ධනපුර ඩෙංගු පර් යේෂණාගාරයත් වසා දමන්නැයි රජය පැවසුවා.

ආණ්ඩුවේ බලාපොරොත්තුව වන්නේ ඔවුන් කියන ආකාරයට පර් යේෂණාගාර හැසිරෙන ආකාරය දැකීමයි. මෙවැනි ආණ්ඩුවකට ඔබේ අනාගතය භාරදීමට හැකිද? කොරෝනා වසංගතය තිබෙනවාද? නැද්ද? කියාවත් නොදන්නා ආණ්ඩුව ඔබට කුමකටද?

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් විධිමත් සැලසුමක් ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. කොරෝනා වසංගතය නිසා ඩොලර් මිලියන 7000ක පමණ ආදායමක් රටට අහිමි වූවා. ඒ මුදල සොයාගන්න සැලසුමක් තිබිය යුතුමයි.

මගේ ජාත්‍යන්තර සබඳතා සහ මිත්‍ර රටවල්වල සහයෝගයෙන් ඩොලර් මිලියන 7000ක මුදල සොයා ගැනීමට ශක්තිය තිබෙනවා.
රැකියා නැතිවන විට තරුණයන්ට අනාගතයක් ලැබෙන්නේ  කෙසේද? නිකරුණේ දොස් නගන්න මට අවශ්‍ය නැහැ. ප්‍රතිපත්ති පිළිබඳ  ඕනෑම විවාදයකට මා සූදානම්.

අප රට පාලනය කළ වසර පහේදී විශාල ආර්ථික දියුණුවක් ඇති කළා. අන්තර් ජාතික වෙළඳ කලාප ඉදිකිරීම සඳහා මූලික පියවර තැබුවා. පොහොට්ටුව බලයට පැමිණ ඒ ආර්ථිකය කඩා බිඳ දැමුවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

(*** අංජුල මහික වීරරත්න, *** පොළොන්නරුව ක.ග. කරුණාරත්න සහ *** ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)



අදහස් (0)

කොරෝනා ගැන නොදන්නා ආණ්ඩුවකට බලය දීමෙන් රටම අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 509 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site