IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිසිම පක්ෂයක් නායකයාගේ බූදලයක් නොවෙයි

 ( +++ කැලණිය ලාල් එස්. කුමාර)

කිසිම පක්ෂයක් එම පක්ෂයේ නායකයාගේ බූදලයක් වෙන්න බැහැනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දීර්ඝ කාලයක් මේ රටේ නායකත්වය දැරූ ප්‍රබල දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂය ඇතුළේ කවුරුහරි පිස්සු නටනවා නම් එය මේ රටේ ජන ජීවිතයට බලපානවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

 කැලණියේ පිහිටි එජාප කාර්යාලයේදී ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත ඊයේ (30) එසේ කීවේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන බව මට තවම දන්වලා නැහැ. මාධ්‍ය මගින් තමයි මම එය දැනගත්තේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න අය එළියට දාන්නයි ඒ වගේම තමන්ට ඕන අය ඇතුළට දාගන්නයි කරන්න ගියොත් ඒ දේශපාලන පක්ෂයට ගෞරවයක් නොලැබීමක් හැටියටයි මා දකින්නේ.

 තනිවම නාම ලේඛන හදල හරියන්නේ නැහැ. පක්ෂයක ක්‍රමවේදයක් තිබෙනවා. ඊළඟ අවුරුද්දේ වෙනස් වෙනවා නම් සාධාරණ හේතු තිබිය යුතුයි.

පක්ෂය නායකයාගේ බූදලයක් නොවිය යුතුයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීම තනි පුද්ගලයකුට කරන්න බැහැ. ඒකට කමිටුවක් තිබෙනවා. වර්ෂය අවසානයේ එම කමිටුවට ගන්නවා ද නැද්ද ඉවත් කරනවාද කියල එම කමිටුව තමයි තීරණය කළ යුත්තේ.

සභාපති, උපනායක දන්නෙත් නැතුව කරන්න බැහැ. අපේ දිස්ත්‍රික්කයේ පක්ෂයේ බොහෝ දෙනා කියන්නේ පක්ෂයේ වර්තමාන නායකත්වයේ වෙනසක් නැත්නම් ඒ ගොල්ලන් පක්ෂයට ඡන්දය දෙන්නේ නැහැ කියලා යැයි ෆොන්සේකා මහතා පැවැසීය.

 



අදහස් (7)

කිසිම පක්ෂයක් නායකයාගේ බූදලයක් නොවෙයි

nilantha Friday, 31 January 2020 06:17 AM

රෙද්දක් ඇඳලද කතා කරන්නේ? පොරවෙලා තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඡන්දෙට ඉල්ලා කෙළවුණාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත්තේ කවුද? ඒ වගේම තමුන්ගේ පක්ෂේ බිරිඳ අනොම්ට දීලා දැන් එජාප නායකයා ගැන කියන්න එනවා.

:       0       0

Kumara Friday, 31 January 2020 06:29 AM

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් තනිවම තරඟකළ සරත් ෆොන්සේකා ලබා ගත්තේ මනාප 5000ක් පමණි. එසේ තිබියදී ඔහු එක්සත් ජාතික පක්ෂයට ගෙන ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදී කැබිනට් ඇමැති ධුරයකටද පත් කළේය. සජිත් ආරක්ෂක ඇමතිකම දෙනවා කියපු දවසේ කරණමක් ගසා රෙදි අපුල්ලන්න ගත්තා. ඔහු පසුගිය රජය උතුරට පමණක් ගම්පෙරළිය කියා මුදල් දුන්නා යැයි අසත්‍ය ප්‍රකාශ කළේය. සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ එයයි.

:       0       0

MAhinda weerasingha Friday, 31 January 2020 07:30 AM

දේශපාලනය කරනවානම් තමුන්ම පක්ෂයක් හදාගෙන දේශපාලයන කරනවානම් තමයි ෆොන්සෝකාට ගැළපෙන්නේ. හේතුව 2010 පොදු අපේක්ෂකයා වෙලා එජාපයේ සහයෝයෙන් ඡන්දේ ඉල්ලලා පැරදුනා.පසුව මහ ඡන්දෙට ඉල්ලලා පිච්චන් වුනා. රනිල්වයි පක්ෂයයි විවෙචනය කළා. සජිත් නායකයා වෙනවට බැන බැන ඉදලා අරක්ෂක ඇමතිකම දෙනවා කිව්වා. සජිත්ව මුරුන්ගා අත්තේ තියලා කතා කළා. දැන් නැවතත් රනිල්ට බනිනවා කෘත්‍යාධිකාරයෙන් ඉවත් කළා කියලා. බලහත්කාරකමින් නායකකම ගන්න අයට බැහැ රටක් පාලනය කරන්න. තාත්තත් උගතුන් ඉවත් කරලා පක්ෂේ විනාශ කළා. සජිතුත් පක්ෂය විනාශ කරනවා.

:       1       35

Saman Friday, 31 January 2020 11:00 AM

පක්ෂයේ උඩ තනතුරු දෙන්න නම් තමන්ගේ අාසනයවත් දිනන්න ඕනෑ කියලා හිතුවා නම් හොඳයි නේද?

:       1       12

thilak Friday, 31 January 2020 11:40 AM

මැතිවරණයක් ජයගැනීමට නම් කෙනෙකුට උගත්කම පමණක් නොව, රටේ බහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න හොඳින් අඳුනන, ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාවක්ද තිබිය යුතුයි. ඉහළ උගත්කමක් නොතිබුණත්, රටේ මිනිසුන්ට සේවය කිරීමෙන් කැපී පෙණුන ලංකාවේ දේශපාලකයින් ලෙස ඩී. එස්. සේනානායක, සිරිමා බණ්ඩාරනායක නම් කළ හැකියි.

:       0       0

Bernard Friday, 31 January 2020 03:02 PM

රටේ අනාගතය බේරාගත්ත හමුදාපතිතුමා හැටියට. යුද්ධය අවසන් කළ හමුදාපතිතුමා. හොර, බොරු, වංචා නැති නායකයෙක්... මෙවැනි නායකයින්ට අපේ රට පාලනය කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ...

:       0       45

සමන්ත Saturday, 01 February 2020 05:56 AM

සරත් ෆොන්සේකා කියන්නේ හොඳ කෙනෙක් කියලා මම කවදාවත් හිතුවේ නැති වුණාට යම් ප්‍රත්පත්තියක් ඇති, කෙලෙහි ගුණ දන්නා, කෙලින් මිනිහෙක් කියලා මම හිතාගෙන හිටියා. ෆොන්සේකාට ඔය තැනට එන්න අත දුන්නේ රනිල් වික්‍රමසිංහ මිසක් ප්‍රේමදාස නෙමෙයි. මේ වෙලාවේ කල දුටු කල වල ඉහගන්න හදනවා. එදා අඬඅඬා හිරේ ලගිද්දී, නිදහස් නොකරද්දී එයාගේ දුවලත් එක්ක අපි එකතුවෙලා සියලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකතු කරගෙන ධවල මන්දිරේට පෙත්සමක් ඉදිරිපත් කළා. එ්කට 25,000ක් අත්සන් කළා. ඊට පස්සේ එ්කට ඇමෙරිකාව මැදිහත් වූණු නිසා මහින්දට හීන් දාඩිය දැම්මා. ඒ නිසයි නිදහස් කලේ.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site