IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ඒකාධිපති වියරුව පරාජය කිරීමට සටන්වදිනවා

(නිමල්  ලන්දගේ)

විසිවැනි  සංශෝධනය  හරහා  පැමිණෙන  ඒකාධිපති  වියරුව  පරාජය කර  ප්‍රජාතන්ත්‍රවාදය  තහවුරු  කිරීම  සඳහා  එජාපය  නිරතුරුවම  සටන්වදින  බව එක්සත්  ජාතික  පක්ෂයේ  නියෝජ්‍ය  නායක,  හිටපු  රාජ්‍ය  ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය  රුවන්  විජයවර්ධන  මහතා පවසයි. ඒ වෙනුවෙන් අධිකරණයට  යෑමට  හා  රට  වටා ගොස්  ජනතාව  දැනුවත්කර  ඒ සඳහා  මහජන විරෝධය  පෙළගැස්සවීමට  කටයුතු  කරන  බවත්  ඒ මහතා පැවසීය.

රුවන්  විජයවර්ධන මහතා මේ බව පැවසුවේ,  එජාප ප්‍රතිසංස්කරණ  කටයුතු මාතර  දිස්ත්‍රික්කයෙන්  ආරම්භ  කරමින්  මහා  සංඝරත්නයේ  ආශීර්වාද  හා  උපදෙස්  ලබාගැනීම සඳහා  වැවුරුකන්නල  රජ  මහා  විහාරාධිපති,  අමරපුර  සිරි සද්ධවංශ මහා නිකායේ  අනුනායක ආචාර්ය  දික්වැල්ලේ  තිස්ස  නාහිමියන්  බැහැදැකීමට ගිය අවස්ථාවේ දී  මාධ්‍යවේදීන්  නැගූ පැනයකට  පිළිතුරු  ලබාදෙමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

“පක්ෂයට විශාල  ප්‍රතිසංවිධානයක්  අවශ්‍ය  වෙලා  තියෙනවා. එහි  සැලැස්ම  හදාගෙන  යනවා. නොබෝ  දිනකින්  අපිට  අලුත් එජාපයක්  මේ  රටේ  ජනතාවට  ලබාදෙන්න  හැකිවේවි. රටේ  අනාගතයටත්,  ප්‍රජාතන්ත්‍රවාදයටත්  එල්ලවන  විශාල  බලපෑම  මත  එජාපය  ශක්තිමත් කිරීම  අත්‍යාවශ්‍ය  වෙලා තියෙනවා.

20  වැනි  සංශෝධනය  අපි  දකින්නේ  ඒකාධිපති  වියරුවකින්  එන  දෙයක්  හැටියටයි. 

විධායක  බලතල  පාර්ලිමේන්තුවට පවරලා  ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා  කිරීමයි  ඇත්තටම 19වැනි  සංශෝධනය  ගෙනඒමෙන්  බලාපොරොත්තු  වුණේ.  දැන්  කෙලින්ම  යූ ටර්න්  එකක්  දමාගෙන තමයි  ආණ්ඩුව  වැඩකරන්නේ.  අපි  විසිවැනි  සංශෝධනය  හරහා  ගොඩනගපු  කොමිෂන් සභා, විගණකාධිපතිතුමාගේ  බලතල  ඒ  සියල්ලටම  පයින්  ගහගෙන  ඒ  වගේම  මාධ්‍යයත්  හසුරවන  විදියට  තමයි  මේ  විසිවැනි  සංශෝධනය  හදල  තියෙනනේ” යැයිද පැවසීය.

ඉදිරියේදි  පැවැත්වීමට  නියමිත  පළාත්  සභා  මැතිවරණයට  එජාපයේ  සුදානම පිළිබඳව  මාධ්‍යවේදින්  නැගූ  ප්‍රශ්නයකට  පිළිතුරු  දුන්  විජේවර්ධන  මහතා මෙසේ සඳහන් කළේය. 

“පසුගිය  මැතිවරණයේදි  අපි  විශාල  පසුබෑමකට  ලක්වුණා. ප්‍රතිසංවිධාන  කටයුතු  ඉක්මණින්  කරගෙනයන්න ඕන.  පළාත්  සභා  මැතිවරණයේ දී  අපිට  ලේසි  වෙන්නේ  නැහැ. ඇත්ත  කියන්න  ඕන.  අපිට  බොරුවට  කියන්න  බෑ  පළාත්  සභා  මැතිවරණය  අනිවාර්යෙන්ම  ජයග්‍රහණය  කරනවා  කියලා.  නමුත්  අපි  ඉතා  හොඳ  කණ්ඩායමක්  යොදවලා   බලාපොරොත්තු  වෙනවා  එජාපය  විදියට  හොඳ  බලපෑමක්  කරන්න. යම්  කාලයක්  යයි එජාප  පාක්ෂිකයිනගේ  විශ්වාසය  දිනාගෙන  හිත  දිනාගෙන  ඉදිරියට  එන්න.  නමුත්  අපිට  ඒක  කරන්න  පුලුවන්.  මම  ඒ  පිළිබඳව  දැඩි  විශ්වාසයක  ඉන්නවා” යැයිද ඒ මහතා සඳහන් කළේය.

දික්වැල්ල  සාශානාරක්ෂක  බලමණ්ඩලයේ  ලේඛාධිකාරි  පණ්ඩිත  කරතොටපඤ්ඤාශීල  හිමියන්  ඇතුළු  මහා  සංඝරත්නයද  මෙම  අවස්ථාවට  වැඩම  කලහ .  හිටපු  පාර්ළිමේන්තු  මන්ත්‍රීවරුන්  වන  ආංශු  මාරසිංහ,  සංදීශ්  සමරසිංහ, පළාත්  සභා  මන්ත්‍රීවරුන් වන  කස්තුරි  අනුරාධනායක,  ගයාන්  සංජීව, ශාන්තිනි  කෝන්ගහගේ, දික්වැල්ල  ප්‍රාදේශිය  සභා  මන්ත්‍රිවරුන්  වන  නදුන්  වික්‍රමරත්න, ප්‍රියන්ත  වනිගරත්න,  සමනි  වීරසිංහ,  සුජිකා  තොටගමුව සහ තරංගා ඉරෝශිනි  යන  මහත්ම මහත්මීන්ද  ඇතුළු  විශාල  පිරිසක්  මෙම  අවස්ථාවට  එක් වූහ

මෙහිදි  අනුශානාවක්  සිදුකල  අනුනාහිමියන්  අනුදැන වදාලේ   රුවන්  විජයවර්ධන  මහතා  වැනි  තරුණ නායකයකු  ලැබීම  එම  පක්ෂයේ  භාග්‍යයක්  බවත් පිරිසිදු  චරිතයක්  හිමි  අවංක  නායකයකු  වන  එතුමාට  පත්ෂය  නගාසිටුවීම ට අවශ්‍යශක්තිය තිබෙව  බවයි.  මහා  සංඝරත්නය  ඒ  සඳහා  ආශීර්වාද  කරන  බව  උන්වහන්සේ  පැවසූහ. 

මහා  පඬි  කුමරතුගු  මුනිදසුන්  උපන්  භූමියේ  සංවර්ධන  කටයුතු සියල්ල  මේ  වනවිට  ඇනහිට  තිබෙන  බවත්  ඒ  සඳහා  රාජ්‍ය අනුග්‍රහයක්  නොලැබුනු  බවත්,  තම විහාරස්ථානයේ  සිට  ලෝකයපුරා  සද්ධර්මය  හා  අධ්‍යාපනය   බෙදාහරින  දම්සතර  රුපවාහිණි  නාලිකාව  මුහුණ  දුන්  උග්‍ර  මුල්‍ය  අර්බුදය  හමුවේ  රාජ්‍ය අනුග්‍රහයන්ද  නොලැබුනු  තත්වයක්  තුල  මහත්  දුෂ්කරතාවයකට  පත්ව  ඇති  බැවින්  එය  නගාසිටුවීම  සඳහා  ආධාර  උපකාර  කරන  ලෙස  ලිපියක්ද  භාරදෙමින්  රුවන්  විජයවර්ධන  මහතාගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.



අදහස් (1)

ඒකාධිපති වියරුව පරාජය කිරීමට සටන්වදිනවා

Bamunuarachchi Sunday, 27 September 2020 01:45 PM

ඕක කියන්න තිබුණේ 1978 කාලේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32970 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15605 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 196 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 500 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site