IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


එම්.සී.සී ගිවිසුම ගැන අගෝස්තු 5ට පෙර රටට කියන්න

(*** නිමල කොඩිතුවක්කු)

අගෝස්තු පස් වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා කොළඹදී පෙරේදා (19) පැවසීය.

රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්නැයි ජාතික ජන බලවේගය රජයට බලකර සිටින බවද ඔහු සඳහන් කළේය.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීවේය.

 “පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ කථා කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුමයි. තමන් බලයට ඇවිත් පැය 24කින් මේ ගිවිසුම කුණු බක්කියට දානවා කියලා රාජපක්‍ෂවරු හා ඔවුන්ගේ මැති ඇමැතිවරු කිව්වා.

මේක කැබිනට් එකේ අනුමත කළේ 2019 ඔක්තෝබර් 30වැනිදා. ඉන්පසු ජනතා විරෝධය ඊට එරෙහිව එන විට රාජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර මෙම ගිවිසුම පරීක්‍ෂා කර බලන්න කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව ප්‍රමාදවී වුවද එළිදක්වන්න සිද්ධ වුණා. අපි ආණ්ඩුවට බල කළා ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ජූලි 25වැනිදා එම වාර්තාව එළිදැක්වූවා.

මෙසේ කල්මරන්නේ වෙන කිසිවකටත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ ගිවිසුම අත්සන් කරන්න වාතාවරණය හදාගන්න. වගකිවයුතු රජයක් නම් රජය මේ පිළිබඳව වහාම නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

එම්.සී.සී. ගිවිසුමේ කොන්දේසිවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂාවට හානිවන කිසිවක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකියි. එහෙම වුවහොත් මෙම ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඇමරිකාවට ඉවත් විය හැකියි. ඒ වගේම ඇමරිකානු ආරක්‍ෂක අංශ හෝ නිලධාරීන් ලංකාවට පැමිණ සිදු කරන කටයුතු සම්බන්ධ ලංකා රජයට මැදිහත් විය නොහැකියි.

2017දී මෙවැනි එම්.සී.සී. ගිවිසුමක් නේපාල රජයත් එක්ක අත්සන් කළා. ඒ එරට විදුලි නිෂ්පාදනය සම්බන්ධව. ගිවිසුම අත්සන් කරලා වසර දෙකක් ගතවෙනකල් ඇමරිකා ආණ්ඩුවෙන් ඊට මුදල් ලබාදුන්නේ නැහැ. මේ කාලය තුළ ඇමරිකාව තම රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ ගිවිසුම් 16කට නේපාලයට බලපෑම් කරලා අත්සන් කළා.

එම්.සී.සී. ගිවිසුම වෙනුවෙන් පත්කළ විද්වත් කමිටුව තම වාර්තාවෙන් කියනවා මෙය ලංකාවේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස හානිකර බව. ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා මේ ගිවිසුමට අදාළ මූලික කෙටුම්පත් දෙකක් ගිය ආණ්ඩුවෙන් අත්සන් කරලා, ඒ නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා කියලා. නමුත් විද්වත් කමිටුව ප්‍රකාශයක් කරලා කිව්වා එහෙම අත්සන් කිරීමක් කරලා නැහැ කියලා. ඒ වගේම ආණ්ඩුවට ඕනෑම වෙලාවක පුළුවන් මේක අත්හැරලා දාන්න කියලා.

මෙම ගිවිසුම් අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය නැහැ. සරල බහුතරය ඇති. අනෙක් පැත්තෙන් අත්සන් නොකළ ගිවිසුමකට 2/3ක බලයක් ඕනෑ කරන්නේ කුමකටද? මේ 2/3 ඉල්ලන්නේ ජනතාව නොමග යවලා මේ මැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කිරීමේ බලය ආණ්ඩුව අතට ගන්නයි.

එම්.සී.සී. ගිවිසුම ගැන දැන් රටේ ජනතාවගේ බලවත් විරෝධය මතුවෙලා තියෙනවා. ජනාධිපති දැන් තමන්ගේ ස්ථාවරය රටට පැහැදිළි කළ යුතුයි. අපි අභියෝග කරනවා පුළුවන්නම් මැතිවරණයට පෙර එහෙම කරන්න කියලා. ඇමරිකාවට මේ ගිවිසුම ලංකාවට අවශ්‍ය නැහැ කියලා පුළුවන්නම් ලිඛිතව දෙන්න කියලා.

දැන් ආණ්ඩුවේ ඇමැතිවරු එක එක බොරු කතා මේ ගැන කියනවා. නමුත් ඇමරිකානු තානාපතිවරිය කියනවා, ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව එකඟ වුණයි කියලා. එදා ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක් දෙන්නයි එකතු වෙලා. එහෙම කළ ගෝඨාභය මෙම ගිවිසුම අත්සන් නොකරයි කියලා තිබෙන සහතිකය කුමක්ද?

දැන් මේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් ලංකාවේ පුරාවිද්‍යා වස්තූනුත් විනාශ කරන්න පටන් අරගෙන. කුරුණෑගල නගර මධ්‍යයේ තිබූ ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් කරලා දාලා. මේ පුරාවිද්‍යා පනතට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක ඇප ලබාදිය නොහැකි වරදක්.

මේක සිද්ධ වෙලා තියෙන්නේ වත්මන් අගමැති නියෝජනය කරන දිස්ත්‍රික්කයේ නගරාධිපති අතින්. මේ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අගුලාන පොලීසියට ගලක් ගැහුවා කියලා අර දුප්පත් කාන්තාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. බලවතුන්ට එක නීතියක්, නැති බැරි එකාට තව නීතියක්. අපි මේ ආණ්ඩුවට බලකර සිටිනවා, වහාම මේ පුරාවිද්‍යා වස්තු විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එහි මෙහෙයුම් කමිටු සාමාජික ඉක්‍රම් කාදර් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (2)

එම්.සී.සී ගිවිසුම ගැන අගෝස්තු 5ට පෙර රටට කියන්න

Senarath Wednesday, 22 July 2020 03:37 AM

යහපාලන ආණ්ඩුව එදා ඔකේ මුල් පියවර දෙක අත්සන් කරනකොට ඔබතුමා කොහෙද හිටියේ.?

:       0       0

THILAK Wednesday, 22 July 2020 07:20 AM

ගිය රජයේ අවසාන කොටස අත්සන් කරන විට ඔබ සිටියේ කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28715 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18205 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11169 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 687 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site