IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එජාපය යළි නැගිටින්න පුළුල් ප්‍රතිසංවිධානයක් ඕනෑ

(***අංජුල මහික වීරරත්න)

‘එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන සහ ප්‍රති ව්‍යූහකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුම දෙනා පොදු එකඟතාවකට පැමිණ ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මහ මැතිවරණයේදී ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාව වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම තමාගේ ද පෞද්ගලික අදහස බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේය.

 මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේය.

රට තුළ තනි දැවැන්තම දේශපාලන පක්ෂය වෙමින් මෙරටට නිදහස උරුම කර දීම වෙනුවෙන් ඇප කැප වූ එක්සත් ජාතික පක්ෂය අද වන විට තීරණාත්මක මොහොතක් පසු කරමින් සිටින බව පැහැදිලියි.

පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවක් ඒ වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බවත් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම පෞද්ගලිකව මාගේ ද අදහසයි.

ඒ වෙනුවෙන් නව නායකයකු යටතේ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යූහකරණ ක්‍රියාවලිය කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලු දෙනාම පොදු එකඟතාවකට පැමිණ සිටිනවා.

 මේ තුළ විවිධ වගකීම් වෙනුවෙන් විවිධ නම් යෝජනා වී ඇති අතර ඒ සඳහා මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් අතර සියුම් තරගයක් ද නිර්මාණය වී ඇති බව පෙනෙනවා.

 එක්සත් ජාතික පක්ෂය යනු මෙරට දේශපාලනය තුළ වරින් වර බිහි වූ පවුල් පක්ෂයක ආකෘතියක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති පිළිගන්නා, නව අදහස්වලින් යුත් ජනතා ආදරය දිනා ගත් දක්ෂ නායකයන්. අතීතයේ සිට වර්තමානය දක්වාම නායකත්වයේ සිට පහළට පක්ෂයේ විවිධ තනතුරු දරා තිබෙනවා.

වර්තමානයේ ද පක්ෂයේ වගකීම් දැරීමට ඉදිරිපත් වන නායකයන්ගේ හිඟයක් නැහැ. එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලුම නායකයන් සහ පාක්ෂිකයන් එක්සත්ව කටයුතු කරමින් පක්ෂය යළි ජයග්‍රහණය කරා ගෙන යාම වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට ද මා මෙය අවස්ථාව කර ගන්නවා.

අතීතයේ දී විවිධ දේශපාලන අභියෝග හමුවේ දුර්වල වෙමින් නැවතත් මහා ශක්තියකින් යුතුව නැගී සිටිමින් දේශපාලන පක්ෂයක් ලෙස ජයග්‍රහණ සහ විජයග්‍රහණ අත්පත් කර ගත්තේ ද එකාවන්ව සිට පක්ෂයත්, නායකත්වයත්. පාක්ෂිකයාත් ආරක්ෂා කර ගනිමිනි.
 මේ තීරණාත්මක අවස්ථාවේ ද අප නව නායකත්වයක් යටතේ පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක්  සිදුකර පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් කැප වීමට අදිටන් කර ගනිමු.

එමෙන්ම විසම්මුතික මතවාද බැහැර කරමින් සම්මුතිවාදී තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවක් රටත්, ජාතියත්, පක්ෂයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමත් සියලුම දෙනාටම නැවතත් සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

එජාපය යළි නැගිටින්න පුළුල් ප්‍රතිසංවිධානයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site