IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා

(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)

දූෂණයල අල්ලස මුලිනුපුටා දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී  පැවැසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා එහි දී මෙසේද පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවය වගේම සෞඛ්‍ය සේවාවේ තිබෙන අනෙකුත් සේවාවන් වූ වෛද්‍ය හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා මේ සියල්ල පිළිබඳව අවුරුදු පහක ඇමැතිවරයෙක් වශයෙන් මේ එක් එක් ක්ෂේත්‍ර සහ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද මට යම් අවබෝධයක් තිබෙනවාග අපේ රටේ සෞඛ්‍ය සේවාව වගේම අපේ රටේ වෘත්තීය සමිති අතරේ ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සේවාවක් විදියට ඔබේ වෘත්තීය සංගමයටත් ඔබේ සේවාවටත් මගේ ගෞරවය ස්තුතිය පුදකරනවා.

වෘත්තීය සමිති ආණ්ඩුවලට කරදර කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. වරදක් නැහැග නිලධාරීන්ට කරදර කළාට වැරැද්දක් නැහැ. නමුත් වෘත්තීය සමිති ජනතාවට හිරිහැර නොකළ යුතුයි. ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සමිතියක් විදියට ඔබ ඒ ගෞරවය ලබා ගැනීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංරක්‍ෂණය පිළිබඳව එහි වැදගත් කාර්යභාරයක් උසුලන ඔබ ඉතාමත් කටුක දුෂ්කර සේවාවක ඔබ යෙදී සිටින්නේ. කාලගුණික තත්ත්වයන් අනෙකුත් යටිතල පහසුකම්වල තිබෙන බොහෝ අඩුපාඩුකම් අසීරුතා සේවාවට අවශ්‍ය ඇතැම් අත්‍යවශ්‍ය පහසුකම් සහ සම්පත් එවැනි ප්‍රශ්න රාශියක් මැද තුළ ඔබ විශිෂ්ට සේවයක් ඉෂ්ට කරනවා. අව්වල වැස්ස වෙනත් සමාජමය උවදුරු වෙනත් ගැටලු ඒ සියල්ල තුළ ඔබ කරන විශිෂ්ට සේවාව තුළ අපේ රටේත් අන්තර්ජාතික වශයෙනුත් අපේ ජාතික සෞඛ්‍ය දර්ශක පිළිබඳ කතා කරන විට අපේ රටට ඉමහත් ගෞරවය ලබා දීමේ ඔබ ප්‍රමුඛ කොටස්කරුවන් වීම අපට ඉතාමත් සතුටට කාරණයක්.

අපේ රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් අතරේ සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර පිළිගැනීම අද ඇති කරගෙන තිබෙන්නේ සෞඛ්‍ය සේවාවේ සිටින වෛද්‍ය, හෙද අතුරු වෛද්‍ය සේවා පරිපූරක සේවා. මේ සියලු අංශවල අවුරුදු 60-70 ක සේවාවේ තිබෙන අත්දැකීම් සමග අවශ්‍ය සම්පත් ලබාදීම තුළ ගුණාත්මක සේවාව නිසයි. අපි ඒ ගෞරවය ලබා ගෙන තිබෙන්නේ. ඒ ලබාගත් ගෞරවය ඉදිරියට රැක ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය මිනිසාගේ නිරෝගී භාවයග මිනිසාගේ යහපැවැතුම් අනෙකුත් සියලු සත්ත්වයාට බලපානවා වගේම අනෙකුත් සියලු සත්ත්වයාගේ යහපැවතුම් මිනිසාට බලපානවා. සෞඛ්‍ය සේවාව මානවයාගේ සෞඛ්‍ය වගේම අනෙකුත් සමාජමය වටපිටාව සහ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

අපේ සේවාවන්වල තිබෙන කාර්යක්ෂමතාවය ගුණාත්මකභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම ඉතාමත් වැදගත් වෙනවාග සෞඛ්‍ය සේවාවට හොඳ නමක් තිබෙන්න තවත් වැදගත් දෙයක් වන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවාව අල්ලසින් තොර සේවාවක් වීමල අල්ලස් පිළිබඳ චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. දූෂණය පිළිබඳව නම් තිබෙනවා. ඒවා සමහර වෙලාවට අඩු වෙනවා. වැඩි වෙනවා. මම මේ කාරණාව සඳහන් කළේ රජය කරන ආයෝජන, රජය කරන කැපකිරීම් රජය ලබා දෙන භෞතික සම්පත් සෑම කෙනෙක් තුළම වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ දී වඩාත් කාර්යක්ෂම ගුණාත්මක සේවාවක තිබිය යුතු මානුෂිකත්වය ඉතාමත් වැදගත් වෙනවා.

අපේ රටේ රාජ්‍ය සේවයට හොඳ නම් වගේම ඇතැම් වෙලාවට නරක නම ලැබෙන ප්‍රශ්න තිබෙනවා. ඊයේ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කියන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ තනතුරට සමානයි. අපේ රටේ ජනාධිපතිවරු තුන් දෙනෙකුගේ මේ තනතුරේ හිටපු අය හිරේ ගොස් තිබෙනවා. පෙරේදා අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අමාත්‍යාංශයක ලේකම්වරයකු වශයෙන් සිටි විශ්‍රාමික රාජ්‍ය සේවා නිලධාරිකේග ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානීග දැනට මාස ගණනකට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණයේ ඇප ලබාගෙන සිටිනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී පෙරේදා අත්අඩංගුවට ගත් මගේ කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි සේවයට ඇවිත් මාසයක් නැහැග ජනාධිපතිවරු තුන් දෙනාගේම මේ තනතුරේ හිටපු තුන්දෙනාම සිරභාරයේග මෙයයි ඇත්ත තත්ත්වය ඇයි මෙහෙම වෙන්නේ.

මහජනතාවට කරන සේවාවන්වල දී පවුල් සෞඛ්‍ය සේවාව ගැන සතුටුවෙන්නේ සම්මාන දෙන්නේ. රජයක් විදියට ඔබේ සැප දුක සොයා බලන්නේ ඔබ අවංකව කැපවීමෙන් ඔබේ සේවාව ඉටුකරන නිසයි. ජනතාවගේ වෛරයට පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසිවිටෙක වැඩ නොකළ යුතුයි. මම ඇමැතිවරයෙකුව සිටි කාලයේත් ජනාධිපතිවරයා ලෙස සිටින වත්මන් කාලයේත් මම ඉතා පැහැදිලිව අල්ලසල දූෂණයල වංචාව හොරකමල නාස්තිය රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව තීන්දු තීරණ අරගෙන තිබෙනවා. මේ රජය යටතේ සිදුවූ ඉහළම දේවල්වලට මම තීන්දු අරගත්තාග ඒ නිසා තමයි දේවිකා කොඩිතුවක්කු මැතිනිය කිව්වේ මහ බැංකු ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව.

මා තව කොමිෂන් සභාවක් පත් කළාග මේ දවස්වල ඒ අය වැඩ කරගෙන යනවාග ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ ගැන සෙවීමට ඒ කොමිසම හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරාවි. රටට යහපතක් කරන්න සෑමවිටම දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. කිසි කෙනෙකුට ඒ සඳහා බුරුලක් නොදිය යුතුයි. රාජ්‍ය සේවයක වේවාල දේශපාලනඥයෙක් වේවාල දූෂණය අල්ලස සම්බන්ධයෙන් අපේ රටේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් වළක්වන්න මුලිනුපුටා දමන්න ගත හැකි සෑම පියවරක්ම රජය විදියට ගන්නවා. කිසිදු භේදයකින් තොරව සමාවක් නැතිව නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ යුතුයි. මිනිසෙකුගේ උපතේ සිට මිය යන තෙක් මිනිසුන්ට සේවය කිරීම තරම් උතුම් දෙයක් නැහැ. එය බෞද්ධ ක්‍රිස්තියානි හින්දුල ඉස්ලාම් දර්ශන තුළ ද සඳහන් වෙනවා. යහපත්, ගුණවත්, නැණවත්, සීලාචාර සමාජයක් හදන්න මේ සියලුදෙනා එක්විය යුතුයි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි ගන්නවා. රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය වසර තුන හමාරක කාලය තුළ ගත්ත තීන්දු තීරණ පිළිබඳව මම සතුටු වෙනවා. එතුමා කිව්වා අපේ රජය යටතේ පිළිකා රෝගීන් සඳහා තම ජීවිත කාලය තුළම රජය වියදම් කරන ආකාරය. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ මොනතරම් ගැටලුවලට මුහුණ දුන්න ද කියලා මට මතකයි. ලක්ෂ 15 වැඩිකරගන්න. ඒ කාලේ පිළිකා රෝගියෙක්ට දුන්න වැඩිම වියදම ලක්ෂ 15යි. මම  ඒ කාලේ ලොකු මහත්වරුන්ට කිව්වා මේ ලක්ෂ 15න් බැහැ පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න. ඒ නිසා ඒ මුදල වැඩි කරන්න කියලාග නමුත් ඒ මුදල අනුමත වුණේ නැහැ.

ඇමැතිතුමා කිව්වා මධ්‍යසාර දුම්කොළ පිළිබඳව අපි කළ සටන සහ වර්තමාන රජය විදියට ඒ වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව. 2020 දී අපේ රටේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නැවතිය යුතුයි කියලා. අපි දුම්කොළ වගාකරන ගොවීන්ට සහ දුම්කොළ සමාගමට දන්වලා තියෙනවා. මට මතකයි මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් ජෙන් මැතිනිය සමග කළ සුහද සාකච්ඡාවල දී කිව්වා ලෝකයේ රටවල දේශාපාලනඥයින් සහ රාජ්‍යයන් මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ප්‍රශ්නයේ දී මුහුණ දෙන බරපතළම ගැටලුව දුම්කොළ සමාගම්වලට විරුද්ධව සටන් කිරීමට තිබෙන අභියෝගය කියලා. අපි ඒ සියලුම සටන් ජයගෙන තිබෙනවා. ඒ නිසයි ලෝකයේ කිසිම රටක නැති ඉහළ නීති දුම්බීම සම්බන්ධයෙන් වගේම ඇල්කොහොල් පිළිබඳව පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය උවදුර මොනතරම් ප්‍රබල ද කියන එක ඔබ දන්නවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ සම්මත කළ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජාතික වැඩ සටහන වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා මට ලොකු ශක්තියක් වුණා. අපේ ඇමැති මණ්ඩලය මට ලොකු ශක්තියක් වුණා. අපි මේ වසර තුන හමාරේ දී ඒ ජාතික වැඩ සටහන ශක්තිමත් කළා. ඒ ශත්තිමක් කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ වන විට සිගරට් අලෙවිය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

ඔබට අයත්වන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ දී මව සහ දරුවා පමණක් නොවෙයිග මව දරුවා පියා ඇතුළු මුළු පවුල් සංස්ථාවේම වගකීම ඔබ සතුයිග අද වන විට සිගරට් මධ්‍යසාර අලෙවිය පහත වැටී තිබුණට කනගාටුවෙනවාග මත්කුඩු මත්පෙති නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙනවාග අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්විට එහි මත්ද්‍රව්‍යල මත්පෙති භාවිතය ඉතාම ඉහළයිග කියලා මට පෙරේදා ලැබුණු අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවාග මත්කුඩු මත්පෙති වලට විශ්වවිද්‍යාල සිසුන් අඛණ්ඩව ගොදුරු වෙමින් තිබෙනවාග විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේම විශ්වවිද්‍යාලයේ නම සඳහන් කමිස ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නියෝජිතයන් විශ්වවිද්‍යාල තුළට ඇතුළු වෙනවාග නේවාසිකාගාරවලට එනවාග බොහෝ වේලාවට අලුත් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාම ඒ නියෝජිතයන් ඔවුන්ට මත්කුඩු මත්පෙති දෙනවා තෑගි දෙනවා වගේග මේකේ රස බලන්න කියලාග අද නගරයේ පමණක් නෙවෙයි ඈත පිටිසර ගම්මානවලටත් මත්ද්‍රව්‍ය විශාල අභියෝගයක් වී තිබෙනවා.

මම ඔබෙන් ඉල්ලනවා ඔබේ ගම තුළ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නග ගමේ ජනතාවගේ ද සහය ලබාගෙන ඔබේ කොට්ඨාසයට වෙනම වෙන්වූ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ඒකකයක් පිහිටුවා ගැනීම ඔබට ප්‍රශ්නයක් නොවේ. ග්‍රාම නිලධාරි සමෘද්ධි නිලධාරිල කෘෂි පර්යේෂණ නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඔබ සියලු දෙනා එක්වුණොත් අපට ජයගන්න පුළුවන් ඒ සඳහා වැඩ සටහනක් හදාගන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්.

මේ සියලු කටයුතු සඳහා ඔබ මෙතෙක් දැක්වූ දායකත්වය සහ මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය සම්බන්ධයෙන් ද ඔබගේ දායකත්වය ලැබේ නම් අපේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට හැකි වන බව මා විශ්වාස කරනවා. මම ඉගෙන ගත් මගේ පාසලේ මේ උත්සවය පැවැත්වීම පිළිබඳව ද මා සතුටු වෙමින් මෙය සංවිධානය කිරීමට සහය දැක්වූ සියලු දෙනා වෙත ස්තුතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා” යැයි ජනාධිපතිවරයා කීය.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා


2017 ලෝක  බැංකු වාර්තාවට අනුව ලෝකයේ දුප්පතුන්ට හිතවාදී හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය පසුගිය මාසයේ අපේ රටේ දී පැවැත්වූවාග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා එහි දී ප්‍රකාශ කළේ අද ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන්ගෙන් එකක් තමයි ලංකාව කියලා. මේ සියල්ල කරන්නට හැකියාවක් ලැබුණේ දේශපාලන ඍජු නායකත්වය නිසයිග අප දුම්වැටිවලට ලෝකයේ තිබෙන ලොකුම බද්ද ගැහුවාග ඔබලාගේ ජීවිත බේරගන්න පිළිකාවලින් හෘද රෝගවලින්. ඒ බදු ගහන කොට විශාල බලපෑම් ඇති වුණා.

බි්‍රතාන්‍යයේ දුම්කොළ සමාගමේ සභාපතිවරයා වෙනම ගුවන් යානයක් අරගෙන ලංකාවට ආවාග මේක නවත්වා ගන්නටග අපි සැලුණේ නෑ. අප වෙනස් වුණේ නෑග ගිය වසරේ දුම්බීම බිලියනයකින් අඩුවෙලා තිබෙනවා. ඒ කියන්නේ සිගරට් කෝටි 100ක් බොන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද මෙහි දී කතා කළාය.

 රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගම් ප්‍රධාන ලේකම් ඒ.පී. ස්වර්ණලතා මහත්මිය උත්සවයේ පිළිගැනීමේ කතාව කළාය
උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්නල සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාල වෛද්‍ය සුනිල් ද අල්විස්ල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් මෙරින් ආරියරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (4)

දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා

Senarath Monday, 07 May 2018 08:38 AM

අපි දැක්කා දූෂණය නවතන්න ගන්න පියවර. මහබැංකු පළමු හොරකමේ ඩිව් ගුණසේකර වාර්තාව එළිදක්වන්න බැරිවෙන්න පාර්ලිමේන්තුව විසුරුවලා දැම්මා. එකෙන් වුනේ, ඒ හොරු දෙවෙනි හොරකම එයටත් වඩා ලොකුවට කළා. අද රටේ මිනිස්සු ඒ පව ගෙවනවා. ඩොලරයට රුපියල් 158 වෙන්න ගෙවලා. වාහන මිල අහස උසට නැග්ගා. බලයට ආවේ, මෝටර් බයිසිකලේ යන මිනිහ කාර් එකේ යවනවා කියලා. ඒ වුනාට කලේ එ්කේ අනික් පැත්ත...

:       0       96

Chanak Los angeles Monday, 07 May 2018 08:26 PM

මොවුන් දේසපාලනයට එන්නෙත් එතන අජරාමර වෙන්නෙත් ඔය නැතිකරනවා කියන දෙක තිබෙන නිසාමයි ..

:       0       0

Chanak Los angeles Tuesday, 08 May 2018 03:07 AM

හිටගෙනද ?

:       0       0

kalani Wednesday, 09 May 2018 04:19 AM

ජනපතිතුමනි ,රාජ්‍ය දැව සංස්ථාවට පත් කල නව සභාපති ගැන තීරණයක් ගෙන ක්‍රියාවෙන් පෙන්වන්නේනම් අගය කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 191 4

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site