(චමිල් රුපසිංහ)
කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නැති බවත් වෙන කාඩ් පැක් නොමැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනන බවත් එය කිසිම තේරුමක් නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) ගැටඹේදි පැවසිය.
ගැටබේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීම සඳහා ගැටබේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදුටු අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු මෙසේ පැවැසිය.
ගැටඹේ රාජපෝවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියෝ එහිදි මෙසේ පැවසුහ.
අද රට දිහා බලපුවාම රටට නායකත්වයක් නෑ. රටම අද අරාජික වෙලා ජනාධිපතිතුමාට වැඩක් කරන්න දෙන්නෙ නෑ. අනික් මිනිස්සු වැඩක් කරන මිනිහව කපල දාලා ජනාධිපතිතුමාට උපදෙස් දෙන්නේ ඒ මනුස්සයව විනාස වෙන්න. දැන් අන්තිම භයානක තත්ත්වයක් රටේ තියෙන්නේ යැයි මහනාහිමියෝ පවසති.
මේ පණිවුඩය ජනතාව දුන්නේ එයාලට විතරක් නෙමේ මහජනතාව අනික්අයටත් එක්කයි මේ පාඩම ඉගැන්නුවේ. හරියට වැඩ නොකළොත් ඊළඟ ඡන්දෙදී අපි අනික් පැත්ත කියා ජනතාව කියන බවද ඒ නිසා ජනතාවට සුභදායක විදිහට හරි උපදෙස් අරගෙන ඔබලා ක්‍රියා කළ යුතු බවද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අවස්ථාව සඳහා ශ්‍රී භාරති පිරිවෙන් විද්‍යානාධිපති ශ්‍රාසත්‍රවේදී අඹලියද්දේ සංඝරතන හිමියන්ද,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාද සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සහ සාමය ගැනනම් හරි සන්තෝස ඇති. ඒ වුණාට සුමානෙකට කියලයි කියන්නේ. සුමානෙන් පස්සේ හමුදා කාරයෙක් එහෙම ආවොත් හරි ජංජාලයක් තමයි වෙන්නේ. මාර්තු මාසේ නුගේගොඩින් පටන් ගන්න යන අරගලය" අද, හෙටම කළොත් හොඳවෙයි.
මේ රට වෙනස් කරන්නේ හාමුදුරුවරු තමයි. හෙට ජනාධිපති හරි, අගමැති හරි ගියොත් කියන්නේ තවත් වෙන කතාවක්... තමයි.
හාමුදුරුවන් සමග සම අසුන් ගැනීමට බෞද්ධයෙකුට සුදුසුද? නැතිනම් මේ අය රටේ උසස්ම අයද? හාමුදුරුවොත් බොහොම අසීරුවෙන් වගේ අසුන්ගෙන ඉන්නේ.
නීතිය සහ සාමය මෙයට ලැබුණා වගෙයි. රනිල්, මහින්ද එක වල්ලේ පොල් වගෙයි.
2015 ජනාධිපතිවරණය දින්නේ මුස්ලිම් සහ දෙමළ අති බහුතර ඡන්ද මත පිහිටලයි. අදත් මුස්ලිම් සහ දෙමළ අති බහුතරය අතර රනිල් ජනප්‍රියයි. ඒත් පළාත් පාලන අායතනවලින් අති බහුතරය එජාපය පරාදයි. අැයි ඒ? සිංහල ‘අති බහුතරයට’ දැන් රනිල් අප්‍රිය වෙලා. දකුණේ මුස්ලිම් සහ දෙමළ අති බහුතර ඡන්ද සහ සිංහල සුලුතර ඡන්ද වලින් පළාත් පාලන අායතන එජාපයට දිනන්න බැරිවෙන තරමට සිංහල ජනමතය වෙනස් වෙලා. ෆස්ට් පාස්ට් ද පෝස්ට් ක්‍රමය අනුව නම් කොළඹ නගර සභාව වැනි අායතන කිහිපයක් හැර අන් සියල්ලේම බලය පොහොට්ටුව අල්ලනවා. නමුත් තටමලා තටමලා මුස්තාපා දුන්නු බහුබූත ක්‍රමය නිසා එජාපයටයි, ජවිපෙටයි, ශ්‍රීලනිපයටයි කණා ෂොට් වැදුණා. ජාම බේරුණා. පළාත් සභා ඡන්දෙකදීත් සුලු ජාතික ‘අති බහුතර’ ඡන්ද ගොඩට වඩා සිංහල ඡන්ද තීරණාත්මක වෙලා බව දැන් මොනවට පැහැදිලියි.
එතකොට ඔයාට කොහොමද කුට්ටම අනන්න ඕන ?
දැන් සතුටුයි නේද ? කොහොමහරි ෆොන්සේකාව හලපු එකට අනේ රනිල්ට කොහොම ස්තුති කරන්නද මන්ද ?
අපෝ! මෙයා අනපු කුට්ටමේ සේරම කොලවල හිටියේ බූරුවෝ.මෙයා ඉතින් රජා නේ.
ඔබ තුමා ආයේ බලයට ආවාත් අනේ අපේ රටට පසුගිය වකවානුවේදී අහිමි වෙච්ච මුදල් කන්දරාව නැවත ලබාගන්න කටයුතු කරන්න. දුෂිතයන්ට දවුවම් කරන්න . අපි තමයි තවම මේ මුදල් ගෙව ගෙවා දුක් විදින්නේ.
අප රටේ දේශපාලන කාඩ් කුට්ටමේ කාඩ් 225කි. බහුතරයක් ජෝකර්ලාය, සුලුතරයක් කාඩ් කුඩු කරගෙන ඇති අතර තවත් පිරිසක් තම කාඩ් වලින් වැඩක් ගත නොහැකිව ලත වේ.
දැන් මේ කට්ටිය කියන්න මේක සරත් ෆොන්සේකා මහත්තයට දෙමු කියලද. පොඩ්ඩක් හිතල බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වේ දීපු සරත් ෆොන්සේකමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැති උනා.
දැන්වත් පන්සල් ගියානම් බුදුන් වැඳලා එන්න. විහිළු කතා කිය කිය ඇවිදින්නේ නැතුව. දැන් 70ත් පැනලානේ, යන තැනකට වැඩක් කරගන්න උත්සාහ කරන්න දැන්වත්.
අපි අවුරුදු 70ම ඇනුවේ එකම බුරු කුට්ටම...
මේ කාඩ් කුට්ටම්වල ඉන්නේ ජෝකර්ලා විතරයි.
සීනි, පිටි වගේ අලුත් අය දාන්නද කියන්නේ?
කාඩ් කුට්ටම් සෙල්ලම් කරන්නද ජනතාව ඡන්දෙ දුන්නේ? ඔය අනන්නේ 52ක කුට්ටමක් නෙමේ. 250ක විතර එකක්. තව අැනපල්ලා. ඔක්කෝටම ගලන්නම ජනතාව උත්තර දෙනවා.
ඔබතුමාගේ කාලෙත් කලේ මේකම තමයි. ඔබතුමාලා අාවොත් කරන්නෙත් මේකම තමයි.
කාඩ් පැක් එක කවුරු කොහොම ඇනුවත් ඊට ඉස්සෙල්ල ජෝකර් ඉවත් කරනවා.
දැන් බබා වෙලා. ඔබ කෙළේ කාඩ් කුට්ටම පවුලේ සාමාජිකයින් අතර බෙදා ගැනීම නොවේද?
2020 අතිවිසිස්ට ජයකින් බලයට පත්කරන්නේ කවුද ? රටේ මහජතාව. ඇයි? පවතින ආණ්ඩුව ජනතාවට දුන් සහන මොනවාද.? අදික බදුබර.ජීවන වියදම.පොහොර සහනාදරය කප්ප්පාඩු කිරීම. සමුද්ද්රිය කැප හරිම. වැඩිහිටි දීමනාව රුපියල් 100 කපහැරිම. මතිඅමති දීමන වැඩිකරගැනීම,සුකොපබෝගී වාහන ගැනීම.
දැන් රටේ බොහොමයක් මිනිස්සු බණ අහන්නෙත් පුටු වල ඉඳගෙන... ඉස්සර අපි නම් බණ ඇහුවේ පැදුරු, කාපට් එළාගන බිම ඉඳගන, ලොකු මිනිස්සු දෙන වැරදි ආදර්ශ තමා හැම දේකටම මුල...
පළමුවත් මව්බිම! දෙවනුවත් මව්බිම!! තුන්වෙනුවත් මව්බිම!!!