සමන් විජය බංඩාර
මාවනැල්ල ඒදඩුවාව කොට්ඨාංශයේ ඡන්ද පෙට්ටි ගණන් කරන ලද බැමිණිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේදි එය නිවැරදිව ගණනය සිදු කර නැතැයි පවසමින් අද (11) මාවනැල්ල පොලිසියට සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මෙන්ම ෆැපරල් ආයතනයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද අපේක්ෂකයා ඇතුලූ පිරිසක් පැමිණිලි කරන ලද බව එම පක්ෂය පවසයි.
මෙම ඡන්ද මධ්‍යස්ථානයේදි ඡන්ද ගණනය සිදු කිරිමෙන් පසුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාවට වඩා එක් ඡන්දයකින් එජාපය ජයග‍්‍රහණය කර ඇති අතර එය නිවැරදි ඡන්ද ප‍්‍රතිඵලයක් නොවන බව පවසන පොදුජන පෙරමුණේ අපේක්ෂකයා එම ඡන්ද පෙට්ටිය නැවත ගණනය කරන ලෙස මෙම පැමිණිල්ල ගොණු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd