(ක.ග කරුණාරත්න)
පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට පොළොන්නරුව මහ නගර සභාව, පොළොන්නරුව, වැලිකන්ද, ඇලහැර යන ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පිළිගත් දේශපාලන පක්ෂ 3 ක් අද (21) පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී රංජිත් ආරියරත්න මහතා වෙත නාමයෝජනා බාර දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පත්‍ර බාරදීම සඳහා උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාම යෝජනා පත්‍ර බාරදීම සඳහා උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල යන මහතාද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd