(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ප්‍රාදේශීය සභාවට තරග වැදුණු එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදී පරාජය වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර සීගිරිය ප්‍රදේශයේ දී 11 දින පස්වරුවේ එක ගැටුමක් හටගෙන තිබේ. එයින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු තුවාල ලබා සීගිරිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර සිටිති.
මෙසේ ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් සීගිරිය පොලිසිය කියයි.
මීට අමතරව නිකවටවන ප්‍රදේශයේදී ශ්‍රී පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට නියමිත බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකම සුළු සුළු ගැටුම්කාරී තත්ත්වයන් කිහිපයක් වාර්තා වී ඇතත් ඒවා එම ස්ථානවලම සමථයකට පත් වූ බව පොලීසිය සඳහන් කළේය. පහර දීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සීගිරිය පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දඹුල්ලේ ගැටුමකින් 4 කට තුවාල - 5 ක් පොලිසියේ