අමල් වික්‍රමරත්න
පළාත්පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදීම අද(20) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා ඉදිරියේ සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසනය සදහා ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ල සීලරතන හිමියන් ප්‍රධාන අපේක්ෂක පිරිස අද දහවල් නාමයෝජනා බාරදුන්හ.
ගාල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අද කරන්දෙණිය සහ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා සදහා නාම යෝජනා ලබාදීමට හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.