(රංජිත් රාජපක්ෂ)
හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තර තනතුරු දෙකක් සදහා පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණීල්ලක් කර ඇත.
නාරාහේන්පිට ලංගම ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන මානව සම්පත් කළමනාකාරවරයා විසින් 2018.01.03 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දි ඇති බවත් එම පත්වීම් ලබා ගත් කොන්දොස්තරවරුන් දෙදෙනා අද (3) හැටන් ලංගම ඩිපෝවට සේවයට වාර්තා කළ බවත් හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරියකු පැවසීය.
ලංගම ගම්පොළ ප‍්‍රාදේශිය කාර්යාලයේ ප‍්‍රාදේශිය කළමනාකාරවරයාගේ උපදෙස් පරිදි එම සේවකයන් දෙදෙනා අද සිට පුහුණූවිම් කටයුතු සදහා යොදවා ඇති බවත් හැටන් ඩිපෝව කියා සිටී.
COMMENTS
කොන්දොස්තරලාට පත්වීම් නොදුන්නොත් ඡන්දෙ ඉවර වෙනකම් බස් එකේ ටිකට් කඩන්නේ මැතිවරණ කොමසාරිස්ද?
සෑම්ලා වගේ දේශපාලන වහල්ලු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ... ඇඟිල්ල දිගු කරලා පෙන්නපු වැරැද්ද දකින්නේ නෑ. ඇඟිල්ලේ ඇදය දකිනවා.
කකුල් දෙකේ බූරුවන්ට මෙතන සිදුවී තිබෙන වරද තේරුම් ගන්න අමාරුයි !!!
වෙනත් රටවල ඍජු දේශපාලනවල උසස් පත්වීම් හැර අන් සියළුම පත්වීම් දෙන්නේ ආණ්ඩු මාරු වුණාට වෙනස් වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තියකට අනුවයි. ලංකාවෙ හැම දේකටම දේශපාලකයෝ ඇඟිලි ගහනවා. ඡන්ද කාලෙට පත්වීම් දීම නවත්වන්නේ ඒකයි. ඡන්දයක් නිසා පත්වීම් හා සුභසාධන කටයුතු අක්‍රීය වෙන ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති.
ඡන්දය ප්‍රකාශ පත් කළ පසු මේ වෙනතෙක් ඇමති තනතුරු දෙකකුත් අතිගරු ජනාධිපතිතුමා ප්‍රදානය කළා. ඉතින් මේ වගේ කොන්දොස්තර තනතුරු දෙකක් දීපු එකේ ඇති වැරැද්ද මොකද්ද? ඔවුන් අනුගමනය කළේ තමනට ඉහළින් දීපු ආදර්ශය. පැමිණිලි කළ අය තාම ජීවත් වෙන්නෙ 2014-2015 සමයේ.
මේ මැතිවරණ කාලයේ ඉදිරිපත් වී ඇති තර්ක නම් මරේ මරු.... තමන් ඇලුම් කරන පක්ෂයේ අයගේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි සෑම තර්කයක්ම ඉදිරිපත් කරන්නේ. කබරගොයාව කොහොම හරි තලගොයා කර ගන්නමයි උත්සාහය. රටේ පවතින නීතිත්, මැතිවරණ කාලයක බලපැවැත්වෙන නීතිත් ගැන විමසිලිමත්ව තර්ක ඉදිරිපත් කරන්නේ නම් නොදැනුවත් අයට නිසි අවබෝධයක් ඇති කැර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. නීති උල්ලංඝනය වීම ගැන කතා කිරීමට පාඨකයාට ඇති අයිතිය පරිදි හරිද? වැරදිද? හොඳද? නරකදැයි විමසිලිමත්ව ප්‍රකාශ කිරීම හොඳයැයි හැඟීමි. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයෙන් පසු ඡන්දදායකයින් බවට පත්වන උසස් පෙළ සිසු දරු පරපුර ගැනද සිතුවොත් හොඳයි නේද? නමුත් සිතට නැගෙන ඕනෑම දෙයක් ඔහේ කියා පෑමෙන් පාඨකයින් බොහෝ දෙනෙකු , තරුණ පරපුර සිතුවිලිවල අතරමං වී කුරුවල්, දෙගිඩියා තත්වයට පත්වීම කණගාටුදායකය.