IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්ද ව්‍යාපාරවල

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන ඡන්දයේ දී සමහර කේෂත‍්‍ර නිලධාරින් පවුලේ සාමාජිකයින් අපේක්ෂකයන් කරගෙන ෙඔවුන් වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතුවල නියැලෙන්නේ යැයි පැෆරල් සංවිධානය චෝදනා කරයි. 

මෙසේ අපේක්ෂකත්වය හිමිවී ඇති කෙෂත‍්‍ර නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් එම කේෂත‍්‍ර නිලධාරින් රැස්වීම් සංවිධානය කරන බවත් ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලා සිටින බවත් තම සංවිධානය කළ නිරීක්ෂණ වලදී අනාවරණය වූයේ යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

අපේක්ෂකත්වය ලැබී ඇති එවැනි පුද්ගලයින් වෙනුවෙන් රැස්වීම් සංවිධානය කරන කේෂත‍්‍ර නිලධාරින් රාජ්‍ය ව්‍යාපෘති හරහා විවිධ ප‍්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වෙන බව ද හෙළි වී තිබේ. එමෙන්ම තවත් අපේක්ෂකයන් මැතිවරණයෙන් පසු තමන් ඉල්ලා අස්වී තම ඥාතියා වෙනුවට අදාල පළාත් පාලන ආයතනයට යන බව පවා පැවසූ අවස්ථා ඇතැයි ඔහු සඳහන් කළේය. 

මේ අනුව කේෂත‍්‍ර නිලධාරින් තරඟ නොකලද ඔවුන්ගේ බලපෑම් ඇති වන බව මැතිවරණයේ දී පැහැදිලි ව පෙනී යන්නේ  යැයි ද හෙතෙම පැවසීය.



අදහස් (1)

ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්ද ව්‍යාපාරවල

laksman Monday, 01 January 2018 11:01 AM

මෙම නිලධාරී කාණ්ඩය හමුවන්නේ සඳුදාට හා බදාදාට පමණනේ.. අනෙක් දවස්වල වැඩ පෙන්වන්නේ ඉදිරි වැඩ සටහනෙන් නේ... ඔවුන්ගේ දුරකතනත් අනෙක් දිනවලට විසන්ධි වෙනවා.. (හැම දෙනෙක්ම නොවේ) කරන්න වැඩකුත් ඕනනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site