IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


කසිප්පු පෙරමින් සිටි අපේක්ෂකයෙකු පොලිස් දැලේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදීය.
 
සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු මිලිලීටර් 20250ක් සීනි කරිඤ්ඤං මිලි ලීටර් 50000ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
 
සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (19)

කසිප්පු පෙරමින් සිටි අපේක්ෂකයෙකු පොලිස් දැලේ

ගල් බමුණා Wednesday, 03 January 2018 02:24 PM

මේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කරන්න "ජෝන් වෝකර් " පොඩ්ඩක් හදන්න ඇති නේද?

:       0       529

sahan Wednesday, 03 January 2018 03:01 PM

මහරාජාගේ හා හිටන්ගේ ගෝලයෝ ඔහොම තමයි. දේශීය කර්මාන්ත ගැන සැහෙන්න උනන්දු වෙනවා.

:       1273       1157

samiraMonday, 08 January 2018 03:12 AM

අපොයි ඔවු යුඑන්පි එකේනම් ඔහොම අය නෑ අනේ නිකන් ඉන්න මහත්තයෝ මේ නරාවලේ ඉන්න හුඟදෙනෙක් එහෙම තමයි එකෙකුට එකෙක් දෙවැනි නැහැ

:       1       8

dhamneth Wednesday, 03 January 2018 04:26 PM

නිවැරදි තේරීමක් .බොන අයට ඡන්දය දෙන්න එපා කිවමිසක් හොර මත්පැන් පෙරන අයට ඡන්දය දෙන්න එපා කිවේ නැහැනේද?

:       0       335

Raveendra Thursday, 04 January 2018 03:01 AM

අගේ ඇති මිහරකෙකි.එබැවින් ඔබලාගේ "නොවටිනා ඡන්දය ලබාදී " මෙම අම්බරුවැව අදාල මඩවගුරට යැවීමට ඉඩ සලසා දෙනමෙන් ඔබ සියලු දෙනාටම මෙ මගින් " බලකර " සිටින්නෙමු.

:       0       2029

Perakum Thursday, 04 January 2018 11:23 AM

හොඳයි කියන්න බලන්න අපිට මීට වඩා හොඳ අපේක්ෂකයෝ ඉන්නවද ? ඔක්කොම එකයි...! නරක අඩුම අපේක්ෂකයට ඡන්දෙ දෙමු.......

:       0       2

පිටිගල මිලානෝ Thursday, 04 January 2018 12:00 PM

මහරජා සහ ගෝලයෝ ටිකට නැවතත් රට බාරදී අයිබෝවන් මහරජා සින්දුව කියමින් සතුටින් ඉමු.

:       201       165

Tissa Thursday, 04 January 2018 03:14 PM

දැනට ගැලපිල යන්නේ මේ වගේ අය

:       0       3

sarath Thursday, 04 January 2018 04:18 PM

දුකට කාරණය නම් ප්‍රාදේශීය සභා වලට එන මන්ත්‍රීන් ඊළඟට පළාත් සභාවට තෙවනුව පාර්ලිමේන්තුවට, ඇමැතිකමට. හෝ ඊට වැඩි තනතුරකට. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නේ බෝක්කු උඩ හිටපු කසිප්පුකාරයින්ට. කතාවට කියනවා මාල හොරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියල. ඉතින් රටක් හැදෙයි ද.

:       0       7

siri Thursday, 04 January 2018 07:26 PM

සුගතදාස ක්‍රීඩාංගනයේදී තිබ්බ සංදර්ශනයේදී දුන්න පොරොන්දුව ඉෂ්ටකරනවා නියමෙට ???

:       40       51

shelton Friday, 05 January 2018 07:18 AM

සිරි, සුගතදාස සංදර්ශනය තිබුනේ ඔය පක්ෂයේ නොවන බවවත් දන්නේ නැතිද.

:       0       58

සනත් ඉතාලිය Friday, 05 January 2018 10:53 AM

මෙතන කොමෙන්ට් දාලා තියෙන්නේ.. හැමෝම මහින්ද මහත්තයටනේ බැනලා තියෙන්නේ.. මේක එක්සත් ජනතා නිදහස් සංධානයේ අමරවීරගේ ගොට්ටෙක්... තමයි.

:       1       30

කසුන් Friday, 05 January 2018 12:47 PM

මේක නිකන් පුස් වෙඩිල්ල වෙලා ගිහින්නේ !!

:       0       1

Asanka Prasad Friday, 05 January 2018 03:34 PM

ඔය සමහරු තේරුම් අරන් නෙමෙයි කමෙන්ට් දාලා තියෙන්නේ... ඔය මහින්ද රාජපක්ෂ නම් හිටපු ජනාධිපතිගේ පක්ෂය වන පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් නොවේ. මතට තිත හා බොන අයට චන්දය දෙන්න එපා කියලා ජනතාවට කියූ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාලගේ පක්ෂයේ අපේක්ෂකයෙක් එ්ක තේරුම් ගෙන කමෙන්ට් කළොත් හොඳයි. නිකන් හාවා දිව්වා වගේ කමෙන්ට් නොදා පිරිසිදු නිකලැල් චරිත ඡන්දයට ඉදිරිපත් කලා කියලා අමරවීර කිව්වේ... දැන් කොහොමද නිකලැල් පිරිසිදු අයගේ වැඩ...

:       0       110

sara Friday, 05 January 2018 05:26 PM

මිලානෝ දන්නා තරම

:       0       0

Chamara Sunday, 07 January 2018 06:11 PM

මුන් වගේ උන්ටද රට භාර දෙන්නෙ ?රටට වෙලා තියන නැස්පැත්තිය මේ දේශපාලුවෝ නිසයි

:       0       0

Vishwa Monday, 08 January 2018 05:05 AM

අරක්කු බොන අයට චන්දය දෙන්න එපා!! අරක්කු පෙරන අයට දෙන්න එපා!!

:       0       0

manoj Monday, 08 January 2018 11:38 AM

අරක්කු බොන අයට විතරයි ඡන්දෙ දෙන්න එපා කිව්වේ. කසිප්පු පෙරන අයට දෙන්න එපා කිව්වේ නැහැ.

:       0       0

liyanagama Tuesday, 09 January 2018 03:37 AM

යු .එන්.පී . එක උඩට ගන්න ජනාධිපති ගහපු තුරුම්පු තමයි මේ. මේ ගමේ ඉන්නවා හොද නම් දරපු ශ්‍රී ලංකා එකේ අය. එහෙම තියෙද්දී මේ අට වත් පස් නැති කසිප්පු කරයෙක්ගේ පුතෙක් මේ දාලා තියෙන්නේ. මේ කෙනා කොළඹ ඇවිල්ල ගේම් දිදී හිටියේ දැන් ගමේ ගිහිල්ල තාත්ත එක්ක කසිප්පු, කරිඤ්ඤං පෙරනවා. මොන එකකට මේක දැම්මද දන්නේ නෑ ඩීල් එකක් මිසක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site