(මුදිතා දයානන්ද)
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත යනු විස කවා රස තවරා දෙනු ලබන කේක් ගෙඩියක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (25) පැලවත්තේදී පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේද පැවසීය.
ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත 1979දී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති ගෙන ආවෙත් එකල ත‍්‍රස්තවාදයක් තිබූ නිසා නොව වෘත්තිය අරගල හා ශිෂ්‍ය අරගල මර්දනයට යොදා ගන්නයි. යුද්ධයෙන් පසුව මෙය අහෝසි කළ යුතුයි කියලා අපි දිගින් දිගටම ඉල්ලා සිටියා. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයත් මෙය අහෝසි කරන ලෙස දන්වා තිබුණා.
දැන් පැරණි පනත අහෝසි කරලා, අලූත් පනතක් ගෙනත්. ඒ අලූත් පනත මගින් ත‍්‍රස්තවාදී ක‍්‍රියා අර්ථ ගන්වා ඇති ආකාරය අනුව වෘත්තීය අරගලත් ත‍්‍රස්තවාදි ක‍්‍රියා ලෙස ගත හැකියි. කිසියම් තැන ඒක රාශිවීම, රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යාම මෙතෙක් තහනම් කරනවා කළ හැකිව තිබුණේ අධිකරණයට පමණයි. මේ පනතෙන් ඒ බලය ප‍්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට පවරලා. කිසියම් සංවිධානයක් පවත්වන රැස්වීම් හෝ වෙනත් කාර්යයක් ත‍්‍රස්තවාදි කටයුත්තක් සේ සළකා එය තහනම් කරන්න, එම තහනම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නත්,දුරකථන සංවාද වලට හොරෙන් ඇහුම්කන්දීමට, ඒවා පටිගත කිරිමට පොලිසියට බලය පරාගන්නත්, මේ පනත අනුව හැකියාව ලැබෙනවා.
ඒ අනුව මේ පනත ත‍්‍රස්තවාදය වැළැක්විමට ගෙන ආවක් නොව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ආණ්ඩු විරෝධි බලවේග මර්දනය කිරීමට ගෙන ආවක්. මෙය හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකරන අතර පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කිරිමට හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නවා.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත විස කවා රස තැවරු කේක් ගෙඩියක්‘